24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    අවශ්‍යතාව අනුව රට පුරා සංචරණ සීමා පැනවීමට ඉඩ තිබෙනවා – ජනමාධ්‍ය ඇමැති

    - Advertisement -

    රට තුළ කොවිඩ් වසංගතය පැතිර යන ආකාරය විශ්ලේෂණයකරමින් සිටින බවත්, අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක රට පුරා සංචරණ සීමා පැනවීමට ඉඩ තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (04) පැවසීය.

    රට පුරා සංචරණ සීමා පැනවීමේ අවස්ථාවක් තිබේද යන්න සාකච්ඡා පවත්වනු ලබන්නේ කොවිඩ් කාර්ය සාධක බළකාය සහ සෞඛ්‍ය අංශ සමඟ බවත් දැනට පවතින තත්ත්වය අනුව රට පුරා සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඇමැතිවරයා පැවැසීය.

    - Advertisement -

    කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ සංචරණ සීමා පනවමින් කොරෝනා සෞඛ්‍ය නීති දැඩි කරන ලෙස සෞඛ්‍ය අංශ ඊයේ දිනයේත් රජයෙන් ඉල්ලා සිටියේය.

    කොරෝනා රෝගීන් බහුල වශයෙන් සමාජයෙන් මතුවන බවත්, හඳුනා නොගත් රෝගීන් දසදහස් ගණනින් සමාජය තුළ සිටිය හැකි බවත් සෞඛ්‍ය සංවිධාන සහ සෞඛ්‍ය අංශ පවසයි.

    කොරෝනා රෝගීන්ගෙන් මේ වන විට රෝහල් පිරී ගොස් ඇති බැවින් අලුතෙන් හඳුනාගන්නා රෝගීන් දැඩි ජීවිත අවධානමකට ලක්ව ඇති බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. සංචරණ සීමා පැනවීම සිදු නොකළ හොත් ඉදිරි සති දෙක තුළදී දිනකට රෝගීන් පන්දහසක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වුවත් වාර්තා විය හැකි බව වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

    - Advertisement -

    දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ඕනෑම ප්‍රදේශයකින් නව කොවිඩ් පොකුරු බිහිවීමේ දැඩි අවධානමක් තිබෙන බවත්, වහාම සංචරණ සීමා දැමිය යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

    නුවන් කොඩිකාර, මහින්ද අලුත්ගෙදර, භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.