24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ආනයනකරුවන්ගේ ගැටලු නිසා පාම් ඔයිල් ගෙන්වීම තහනම් කළා

    - Advertisement -

    වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මෙරට ඇති වී තිබෙන තත්ත්වය හා සමහර පාම් ඔයිල් ආනයනකරුවන්ගේ ගැටලු පදනම් කරගනිමින් පිරිපහදු නොකළ ෆාම් තෙල් ආනයනය තහනම් කර ඇති බව මැලේසියානු මහා කොමසාරිස් හා ඉන්දුනීසියානු තානාපති හමුවේ වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    - Advertisement -

    ඒ මහතා ඒ බව පැවසුවේ ඊයේ (3) මැලේසියා මහකොමසාරිස් යැන්ග් තායි ටාන් මහතා, ඉන්දුනීසියානු තානාපති අයි. ගුස්ති නුරාග් ආදියාසා මහතා අමාත්‍යාංශයෙදී වෙළෙඳ හමු වූ අවස්ථාවේදීය.

    මෙම හමුවේදී මැලේසියානු මහකොමසාරිස් හා ඉන්දුනීසියානු තානාපතිවරයා දැනට මෙරටට පාම් තෙල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

    එහිදි අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද පාවසීය. කර්මාන්ත සඳහා යෙදවුමක් ලෙස අවශ්‍යතාව පවතින ගුණාත්මක බවින් ඉහළ හා ලෝක ප්‍රමිතීන්ට අනුකූල වන පිරිපහදු කළ පාම් තෙල් ගෙන්වීම සඳහා රජය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුව ආනයන අපනයන පාලක හරහා මෙරට කර්මාන්ත සඳහා යෙදවුමක් වශයෙන් ගෙන්වීමට අවශ්‍යතාව පවතින පිරිපහදු කළ පාම් තෙල් ආනයනය කිරීමට දේශීය ව්‍යවසායකයන්ට බලපත්‍රයක් දීමට නියමිතයි.

    - Advertisement -

    මේ පිළිබඳ වැඩිදුර කරුණු සාකච්ඡා කිරීමට, මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවීම සඳහා අවස්ථාවක් ලබා දෙන මෙන් මැලේසියානු මහකොමසාරිස් හා ඉන්දුනීසියානු තානාපති වෙළෙඳ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට අනුව ඉදිරියේදී ඒ සඳහා අවස්ථාව සැලසීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

     

    අනුර ප්‍රේමලාල්

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.