24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයෝ මිලියන 20 පනී

    - Advertisement -

    ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව නිල වශයෙන් මිලියන 20 පසු කර ඇත. එහෙත් පසුගිය මාසයේ 30 දා සිට රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව ඉන්දීය පුවත්පත් වාර්තා කළේය. එරට කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව එරට වෛද්‍ය විශේෂඥයෝ පවසති. දිල්ලි අගනුවර ඔක්සිජන් අර්බුදයේ අඩුවී ඇති බවට කිසිදු ලකුණක් පෙනෙන්නට නැති බව වාර්තා වුවත්, ආසාදිතයෝ තව දුරටත් නිසි ප්‍රතිකාර නොලැබීමෙන් දැඩි දුෂ්කරතාවට පත්වී සිටිති. පෙරේදා පමණක් නවදිල්ලි නුවර කොවිඩ් ආසාදිතයන් 448 දෙනකු මියගිය බව සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරේ.

    මේ අතර කෝවිඩ් සත්කාර පහසුකම් සහ දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යෑමට හමුදා සහාය අවශ්‍ය බව දිල්ලි ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත. නවදිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසා ඇත්තේ ප්‍රාන්තවලට ඔක්සිජන් බෙදා හරින මධ්‍යම රජයෙන් නවදිල්ලි නගරයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබෙන බවය. ඉන්දියාව දිනකට ඔක්සිජන් ටොන් දහස් ගණනක් නිපදවන නමුත් ඇතැම් විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ ප්‍රමාණවත් අන්දමින් ඔක්සිජන් නොමැති බවකි.

    - Advertisement -

    ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගියදා නවදිල්ලි නුවර එක්තරා රෝහලක වෛද්‍යවරයකු ඇතුළු රෝගීහු 12 දෙනකු මිය ගියහ. රෝහල්වලින් පිටත, ඇඳක් සොයාගත නොහැකි රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් අතේ ගෙන යා හැකි කුඩා ඔක්සිජන් සිලින්ඩර සොයා ගැනීමට උත්සාහ දරමින් සිටින බවත් වාර්තා වේ. මේ අතර වාර්තාගත කොවිඩ් -19 මරණ හා සිද්ධීන් මධ්‍යයේ පැවති ප්‍රාන්ත මැතිවරණයේදී බලය තහවුරු කරගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය අසමත් වී තිබේ. භාරතීය ජනතා පක්‍ෂය බටහිර බෙංගාලය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවූවත් මෝදි රජයේ ප්‍රබල විරුද්ධවාදිනියක වන මමතා බැනර්ජි එහි බලය තහවුරු කරගැනීමට සමත් වූවාය.

    කොවිඩ් වසංගතයට වඩා ඡන්ද විමසීම් කෙරෙහි අවධානය යොමු කළ බවට ඉන්දීය අගමැතිවරයාට දැඩි චෝදනා එල්ල වී ඇත. කේරල ප්‍රාන්තය එල්ඩීඑෆ් පක්ෂය ජය ගත් අතර, ඩීඑම්කේ පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හිමි විය. භාරතීය ජනතා පක්ෂයට සෑහීමකට පත්විය හැකි වූයේ එම පක්ෂයට සහාය පළ කරන එන්ඩීඒ සන්ධානය ඇසෑම් ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීම හේතුවෙනි.

     

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.