24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    ඉන්දීය රේගුව චීන වෛද්‍ය උපකරණ නිශ්කාශනය කඩිනම් කරයි

    - Advertisement -

    කොවිඩ් තුන්වැනි රැල්ලේ ව්‍යාප්තියත් සමඟ රට තුළ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන චීනයෙන් ගෙන්වනු ලබන භාණ්ඩ අතුරින් වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් මුදා හැරීමට ඉන්දීය රේගුව පියවර ගෙන තිබේ.

    ඔක්සිජන් සාන්ද්‍රක ටැංකි, වෙන්ටිලේටර්ස්, ආරක්ෂක ඇඳුම් කට්ටල, උෂ්ණත්වමාන ආදිය හදිසි අවශ්‍යතා පදනම මත නිශ්කාශනය කිරීමට ප්‍රමුඛතාව දී ඇතැයි අපනයනකරුවෝ කියති. එහෙත් චීනයෙන් ගෙන්වනු ලබන වෛද්‍ය නොවන උපකරණ නිශ්කාශනය කිරීම තව දුරටත් ප්‍රමාද කෙරෙනු ඇත.

    - Advertisement -

    ඉන්දීය රේගුව පෙර නොවූ විරූ අයුරින් චීනයෙන් ගෙන්වනු ලබන කොවිඩ් සම්බන්ධ වෛද්‍ය උපකරණ නිශ්කාශනය කිරීම කඩිනම් කර ඇතැයි ද, ඔක්සිජන් සාන්ද්‍රක ටැංකි වැනි අතවශ්‍ය උපකරණ පැයක් ඇතුළත මුදා හැරීමට නවදිල්ලි ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

    ඉන්දියාවේ ඉල්ලුම ඉහළ යෑම නිසා ඇතැම් චීන සමාගම් කොවිඩ් වසංගතයට අදාළ වෛද්‍ය උපකරණවල මිළ ගණන් ද ඉහළ දමා ඇතැයි අපනයනකරුවෝ පවසති. එමෙන්ම එම සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ද ඉහළ දමා තිබේ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.