24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    කායවර්ධන ශූරයා කොවිඩ්ට බිලි වේ

    - Advertisement -

    මිස්ටර් ඉන්දියා කායවර්ධන ශූර ජග්දීෂ් ලාඩ් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. අන්තර්ජාතික කායවර්ධන ශූරතා රැසක් ද දිනා ගත් බරෝඩා ප්‍රාන්තයේ 34 හැවිරිදි ජග්දීෂ් මීට වසර කිහිපයකට පෙර මුම්බායි නුවර පදිංචියට ගියේය. ඔහු මුම්බායි නුවර කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වා යමින් සිටි අතර, පසුගියදා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ නිසි ප්‍රතිකාර නොලැබීමේ හේතුවෙන් බව වාර්තා වේ. ඔහුගේ බිරියට ද කොවිඩ් ආසාදනය වී ඇති අතර, ඇය මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.

    ලෝක කායවර්ධන ශූරතාවලියේ පදක්කම් ලාභී ජග්දීෂ් වෘත්තීය තරග දිවියෙන් සමුගත්තේ මීට වසර හතරකට පෙරය. කොවිඩ් වසංගතය හමුවේ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටි ඔහු කුලී නිවෙසක පදිංචිව සිටි බවත් වාර්තා වේ.

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.