24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    තිසර හදිසියේම ජගත් පිටියට සමු දෙයි

    - Advertisement -

    තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක ඊයේ නිවේදනය කළේය. 32 හැවිරිදි තිසර අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය පරිපාලනයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අප කළ විමසුමකදී තහවුරු කළේය.

    එළඹෙන බංග්ලාදේශ හා එංගලන්ත එක්දින තරගාවලි සඳහා පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කිරීමට සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රකාශ කොට තිබියදී තිසර පෙරේරා මෙම තීරණයට එළැඹීම විශේෂත්වයකි. එහි ප්‍රතිපලයක් ලෙස තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

    - Advertisement -

    කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හිටපු ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 නායක තිසර පෙරේරා සුදුසු කාලයක සමුගත් බවත් ඔහුගේ පෞද්ගලික අරමුණු හේතුවෙන් මෙම සමුගැනීම සිදුව ඇති බවය.

    තම කාලය තුළ සිටි කණ්ඩායමේ සියලු නායකයින්ට හා ක්‍රීඩකයින්ට ස්තූතිය පුද කළ බවත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මට හැකිවීම ගැන ආඩම්බරවන බවත් ඔහු පවසා ඇත.

    වසර 2009දී ශ්‍රී ලංකා එක්දින වරම් දිනාගත් තිසර පෙරේරා 2011දී එංගලන්ත පිලට එරෙහිව කාඩිෆ්හිදී ටෙස්ට් වරම් දිනා ගත්තේය. එදා මෙදාතුර ටෙස්ට් තරග 6කට සහභාගීවී ඇති ඔහු ලකුණු 203ක් රැස්කර ගත් අතර කඩුලු 11ක් දවාගත්තේය. එක්දින අන්තර්ජාතික තරග 166කට සහභාගීවූ ඔහු ශතක 1ක් අර්ධ ශතක 10ක් සමග ලකුණු 2338ක් ලබාගත් අතර එම තරගවලදී කඩුලු 175ක් බිදහෙලීය.

    - Advertisement -

     

    ප්‍රින්ස් ගුණසේකර

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.