24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ප්‍රවීන් ජයවික්‍රම මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 11ක් දවා වාර්තා පොතට

    - Advertisement -

    වසර 3කට පසු ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ජයක්

     

    - Advertisement -

    මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 11 ක් දවාගෙන තරගයේ වීරයා සම්මානය දිනාගත් ප්‍රවීන් ජයවික්‍රම හා ටෙස්ට් තරග දෙකේදී ලකුණු 428ක් ලබා තරගාවලියේ වීරයා වූ නායක දිමුත් කරුණාරත්න

    මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 11 ක් දවා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වෙමින් මෙරට ටෙස්ට් වාර්තා පොත අලුත් කළ යොවුන් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමගේ සහ ඉනිම දෙකේදීම කඩුලු 6ක් දවාගත් රමේෂ් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිලට එරෙහිව පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 209ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

    ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වසර 2018ට පසුව ශ්‍රී ලංකාවේදී ලැබූ එකම ටෙස්ට් ජයග්‍රහණයවීමද විශේෂත්වයකි. වසර 3කට පෙර ශ්‍රී ලංකාව මෙරටදී ලැබූ ටෙස්ට් ජයග්‍රහණය වන්නේ සංචාරක දකුණු අප්‍රිකා පිල තරග 2-0කින් පරාජය කිරීම වේ.

    - Advertisement -

    බංග්ලාදේශය සමග මෙවර ජයග්‍රහණයත් සමග තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ඊයේ ජයග්‍රහණය වාර්තා කළේය. 2008න් පසු ටෙස්ට් පන්දු යවන්නකුගේ බවුතීස්මයකදී ලෝකයේ ඕනෑම රටක පන්දු යවන්නෙකු කඩුලු 10 කට වැඩියෙන් දවාගත් පළමු අවස්ථාව ප්‍රවීන් ජයවික්‍රමගේ දක්ෂතාව වූ අතර එවැනි දක්ෂතාවක් අවසන් වරට ටෙස්ට් පිටියකදී දකින්නට ලැබුණේ වසර 2008දී ඔස්ට්‍රේලියාවේ ජේසන් ක්‍රෙජ්සා ගෙනි. ක්‍රෙජ්සා ඉන්දියාවට එරෙහිව නාග්පූර්හී තම පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 12ක් ලබා තිබිණි. වසර 1923දී දකුණු අප්‍රිකාවේ ඒ. ඊ. හීල් එංගලන්තයට එරෙහිව කේප්ටවුන් හීදී මංගල ටෙස්ට් තරගයකට එක්වූ පන්දු යවන්නෙකු ලෙස කඩුලු 10ට වැඩියෙන් ලබාගත් අතර එදා මෙදා තුර ලොව එවැනි දස්කමක් පෙන්වූ දසවැනි ක්‍රීඩකයා වන්නේ ප්‍රවීන් ජයවික්‍රමය.

    තවමත් 22 හැවිරිදි වියේ පසුවන ප්‍රවීන් ජයවික්‍රම තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස ශතක 2ක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 428ක් ලබාගත් නායක දිමුත් කරුණාරත්නට හිමි විය.

    පෙරේදා සිව්වැනි දිනය අවසානයේදී කඩුලු 2ක් දවාගෙන සිටි ජයවික්‍රම ඊයේ අවසන් දිනයේදී තවත් පිතිකරුවන් තිදෙනෙකු දවා ගනිමින් සමස්ත තරගයේදී ලකුණු 178කට කඩුලු 11 ක් දවා ගැනීමට සමත් විය. අවසන් දින දෙකේදී දඟ පන්දුවට පාරාදීසයක් වූ පල්ලකැලේ අන්තර්ජාතික පිටියේ නිසි පල නෙළාගත් රමේෂ් මෙන්ඩිස් සමස්ත තරගයේදී ලකුණු 183කට කඩුලු 6ක් බිද හෙලීය.

    - Advertisement -

    බංග්ලාදේශ මැද පෙළ පිතිකරු මෙහෙදි හසන් ඊයේ දිනයේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ප්‍රමාද කළ එකම පිතිකරුවා විය. ඔහු ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 86කදී ලකුණු 39ක් ලබා එක් අන්තයක් ආරක්ෂා කර ගැනීමට බලවත් වෙහෙසක් දැරුවේය. ලකුණු 177ක් තුළ කඩුලු 5ක් දැවී තිබියදී ඊයේ පස්වැනි දිනයෙ ඇරැඹූ බංග්ලාදේශ කණ්ඩායම පැයක පමණ කාලයේදී ලකුණු 50ක් පමණක් වාර්තා කොට සියලු දෙනා දැවී ගියහ.

    අවසන් දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ලිටන් දාස් වන අතර ප්‍රවීන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. අනතුරුව පිටියට පිවිසි තයිජුල් ඉස්ලාම්, මෙහෙදි හසන් සමග එක්වූ අතර ජයවික්‍රම විසින් එවන ලද පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර, ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකි පැතුම් නිස්සංක විසින් දක්ෂ ලෙස රැකගැනීම නිසා හසන් ලකුණු 39 කට දැවී ගියේය.

    අනතුරුව පිටියට පිවිස් අබූ ජායෙඩ් ජයවික්‍රමගේ පස්වැනි කඩුල්ල ලෙස ගොදුරු විය. අබූ ජායෙඩ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක ජයග්‍රහණයක් සටහන් කළේය.

    මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 7කට ලකුණු 493ක් රැස්කළ අතර බංගල්ලාදේශය පළමු ඉනිමේ ලකුණු 251කට දැවී ගියේය. අනතුරුව ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා බංග්ලාදේශයට ලකුණු 437ක ඉලක්කයක් ලබා දුන්නේය.

     

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.