24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    බිල් ගේට්ස් දික්කසාද වෙයි

    - Advertisement -

    මයික්‍රොසොෆ්ට් මෘදුකාංග සමාගම බිහි කරමින් ලොව ලොකුම ධනවතා බවට පත් වී සිටි බිල් ගේට්ස් සිය වසර 27ක විවාහ දිවියට සමුදීමට තීරණය කර ඇත. ෆෝබ්ස් නවතම ලැයිස්තුවට අනුව ලොව සිවුවැනි ධනවතා වන බිල් සහ බිරිය මෙලින්ඩා ගේට්ස් “අපට යුවළක් ලෙස එකට විසිය හැකි යැයි අපි තවදුරටත් විශ්වාස නොකරමු” යනුවෙන් පවසමින් දික්කසාද වීම තහවුරු කළහ. 1980 දශකයේ බිල්ගේ මයික්‍රොසොෆ්ට් සමාගමට සම්බන්ධ වීමෙන් පසු මෙලින්ඩා ඔහු සමඟ විවාහ දිවියට පිවිසියාය. ගේට්ස් යුවළට දරුවෝ තිදෙනෙකි.

    බෝවන රෝග සහ ළමයින් සඳහා එන්නත් දීම දිරිගැන්වීම වැනි සුභසාධන කටයුතු සඳහා ගේට්ස් යුවළ සංවිධානයක් පිහිටුවා ගෙන සිටි අතර, ඩොලර් බිලියන ගණනක් ඒ සඳහා වියදම් කර ඇත. කෙසේ වෙතත් දෙදෙනාගේ දික්කසාදය මේ සුභසාධන කටයුතුවලට බල නොපාන බවත්, දෙදෙනා තව දුරටත් එම සුභසාධන කටයුතු ඉදිරියට ගෙන යමින් සිටින බවත් වාර්තා වේ.

    - Advertisement -

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.