24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ලොව පුරා කොවිඩ් ආසාදිත ගණන කෝටි 15 ඉක්මවයි

    - Advertisement -

    ලොව පුරා රටවලින් වාර්තා වන කොවිඩි අසාදිතයන් ගණන කෝටි 15 ඉක්මවා ගොස් තිබේ.

    ඒ අනුව ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 218කින් වාර්තා වන කොවිඩ් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 153,506,481 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 3,216,705 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වුවද ඒ අතරින් 130,848,347 දෙනකු පූර්ණ සුවය ලබා තිබෙන බව වාර්තා වෙයි.

    - Advertisement -

    වැඩිම ආසාදිතයන් පිරිස අමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව කෝටි තුන ඉක්මවා යෑම විශේෂත්වයකි. ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 33,180,441ක් වන අතර, එරට මරණ සංඛ්‍යාව 590,000 ඉක්මවා ඈම විශේෂත්වයකි. ඒ අනුව එරට මිය ගිය සංඛ්‍යාව 591,062කි. මේ අතර ඉන්දියාවේ ආසාදිතයන් 19,925,604ක් සහ බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව 14,754,910ක් ලෙස වාර්තා වන අතර, ප්‍රංශයේ ආසාදිතයන් 5,652,247ක් සහ තුර්කියේ ආසාදිතයන් 4,875,388ක් ලෙස වාර්තා වේ.

    කෙසේ වුවද කොවිඩ් ආසාදනය වී මිය ගිය සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත්තේ එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, ඉතාලිය සහ මෙක්සිකෝව රටවල පමණි.

    ගෙවුණු දිනයේ ද ඉන්දියාවෙන් ලක්ෂ 4කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙන අතර, එරටින් පෙරේදා (02) වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,688කි. මේ වසංගත ව්‍යාප්තියේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව පසු කර ගිය ලොව පළමු රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ අනුව එරටින් පෙරේදා (02) දිනයේ නව ආසාදිතයන් 392,562ක් හඳුනාගෙන තිබේ.

    - Advertisement -

    එම තත්ත්වය හමුවේ වයස අවුරුදු 18 ඉක්ම වූ සියලුම පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් දීමට තීරණය කර ඇතත් එන්නත් හිඟයක් පවතින බව එරට වාර්තා පවසයි. එන්නත්කරණ වැඩසටහනට ප්‍රමාණවත් තරමේ එන්නත් තොග නොමැති බවට ප්‍රාන්ත කිහිපයකම බලධාරීන් පවසා ඇත. රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්’ කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය පසුගියදා (01) ඉන්දියාවට ලැබී තිබුණේ එවන් පසුබිමක වීම විශේෂත්වයකි.

    ඉන්දියාවේ හදිසි භාවිතයට අවසර හිමි වූ තෙවැනි කොවිඩ් එන්නත මෙය වන අතර, එයින් මාත්‍රා මිලියන 850ක් එරටේ නිපදවීමට ද ඉන්දියාව අපේක්ෂා කරයි. මේ අතර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගිනි ඇතිවීම සහ ඔක්සිජන් හිඟකම නිසා ඉන්දියාව මේ වන විට තවත් ඛේදවාචකයකට මුහුණදී සිටී. නවදිල්ලි අගනුවර රෝහලක ඔක්සිජන් හිඟයක් හේතුවෙන්, දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබූ රෝගීන් හය දෙනෙක් ඇතුළු රෝගීන් 08 දෙනෙක් මිය ගොස් තිබේ. මේ අතර බටහිර ගුජරාට ප්‍රාන්තයේ කොවිඩ් රෝහලක හට ගත් ගින්නකින් ද සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 16 දෙනකු මියගොස් තිබේ.

    මහින්ද අලුත්ගෙදර

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.