24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    “අලිවත්තේ අසිත” පොලිස් අත්අඩංගුවට

    - Advertisement -
    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “අලිවත්තේ අසිත” නැමති පුද්ගලයා මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
     
    මොහුට එරෙහිව කොළඹ අවට ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුලු විවිධ අපරාධ කිහිපයකට සම්බන්ධ යැයි චෝදනා එල්ලවී තිබුණි.
     
    අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්ණකිරීම්වලදී සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක්ද පොලිසිය විසින් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
     
    පසුගිය 28 වනදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බවට සැක කෙරෙන අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස්, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.
     
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.