24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මන්දිරේ සැපසේ මාවතේ සිතුසේ සන්දීප් ළමාසූරිය

    - Advertisement -
    මැයි 6, 2021

     

     

    - Advertisement -

     

    සිරස වොයිස් ටීන්ස් හරහා අප හඳුනාගත් හිරිමල් වියේ පසුවන දක්ෂතාවලින් හෙබි යෞවන යෞවනියෝ රාශීයකි. එකිනෙකට පරයන ගායන කෞශල්‍යය ලාංකේය හදවත් පමණක් නොව ලොවද මවිත කරවීය. සන්දීප් ළමාසූරිය බ්ලයින්ඩ් ඔඩිෂන් වටයේදී විනිසුරුවන් හතර දෙනාම තමා වෙතට හරවා ගනිමින් තම ගායන කෞශල්‍යය ප්‍රකට කළේය. ඔහු එඩ් ශීරන්ගේ “පර්ෆෙක්ට්” ගීතය ගායනා කරන්නේ මුල්ගායකයා සිහිගන්වමිනි. වොයිස් ටීන් හරහා ප්‍රේක්ෂක හදවත ඇද බැඳගත් සන්දීපගේ නව නිර්මාණය “මන්දිරේ සැපසේ” ගීතය පිළිබඳව වගේම සන්දීපගේ පෞද්ගලික තොරතුරුත් සරසවිය අපි සමඟ ඔහු බෙදා ගත්තේ මේ විදිහටය.

     

    - Advertisement -

    සන්දීප්ගේ අලුත් ගීතය ‘මන්දිරේ සැපසේ’ කොහොමද මෙය නිර්මාණය වෙන්නේ?

    මේ පදවැල ශාන්ත ජයරත්න සර්ගේ. සර්ගේ සංකල්පයකට අනූව ලියැවුණ ගීතයක් මෙය. සර් මේ පදවැල මට ලියලා ගෙනත් දීලා ඇහුවා ගීතයක් කරමුද කියලා. එය තමයි මෙහි ආරම්භය. පසුව මෙය සංගීතවත් කළේ සරත් ප්‍රනාන්දු සර්. මෙහි රූපරචනය කරන්නේ දමින්ද මඩවල මාමා. එය ඉතාම ලස්සනට ඔහු මට කරලා දුන්නා.

     

    - Advertisement -

    සන්දීප් තාම පාසල් යනවා නේද?

    ඔව්. මම උසස්පෙළ වාණිජ අංශයෙන් හදාරනවා. ලබන අවුරුද්දේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට ඉන්නේ. මගේ පාසල කොලඹ ආනන්ද විද්‍යාලය මට අවුරුදු 18 යි දැන්.

     

    කොහොමද සන්දීප් සංගීතයට යොමු වෙන්නේ?

    පොඩි කාලේ මගේ තාත්තා මාව ගිටාර් වාදනය පුරුදු වෙන්න සංගීත පංතියකට දානවා. එයින් තමයි මම මුලින්ම සංගීතය ඉගෙනගන්නේ සහ යොමුවෙන්නෙ. ඉන් පසුව 3 වසර 4 වසර වගේ ඉඳලා පාසලේ සංගීත වැඩවලට මාව සම්බන්ධ කරගත්තා ඒ දවස්වල මගේ පාසලේ හිටපු සංගීත ගුරුවරිය ගයේෂි ජයරත්න මැඩම්. ඉන්පසුව විවිධ සංගීත තරගවලට පාසල නියෝජනය කරන්න හැකි වුණා. පසුව සිරස වොයිස් ටීන් තරඟයට සහභාගී වුණා. මීට අවුරුදු දෙකකට කලින්. එයින් තමයි මාව බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ. දැනට මම විශාරද විභාගයට මුහුණ දීලා ඉන්නවා ගායනය පැත්තෙන්.

     

    වොයිස් ටීන්ස් එකේ සංදීප්ට ආදරය කළ අයට ‘මන්දිරේ සැපසේ’ ගීතය නව බලාපොරොත්තුවක්. ඒ තරගය සන්දීප්ට මොනවගේ අත්දැකීම්ක්ද?

    ඒ තරගය හරහා ලොකු අත්දැකීමක් ලැබුණා මට. බොහෝ දේ ඉගෙන ගත්තා. මට ආදරේ කරන අය මගෙ හඬට කැමති අය මට හමුවුණා. ඒ තුළ මට තව තවත් සංගීතයට ආසවක් ඇති වුණා. ඒ තරගයෙන් මට ඉවත්වෙන්න වුණත් ඒ ලබාගත් පන්නරය මට ලොකු සවියක්.

     

    තාම ඉස්කෝලේ යන සන්දීප්ට මේ අතිරේක වැඩවලදී පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා ඇති?

    තාත්තාට තමයි ගොඩක්ම උවමනාව තිබුණේ මාව සංගීතයට යොමු කරවන්න. පවුලේ හැමදෙනාගෙන්ම සහයෝගය ලැබෙනවා. මගෙ මල්ලිත් සංගීතය හදාරනවා. ඔහුත් විශාරද විභාගය සඳහා සූදානම් වෙනවා. අම්මත් මගෙ පස්සෙන් ඉන්නවා මගෙ වැඩවලදි.

     

    මේ ගීතය සන්දීප්ට දැනුණෙ කොහොමද?

    මට ආසව තිබුණේ කලින් කතා කරලා නැති මාතෘකාවක් යටතේ ගීතයක් කරන්න. පදවැල දැක්කම මට ආස හිතුණා. මෙවැනි මාතෘකා යටතේ බිහි වූ නිර්මාණ මම අහලා නැති තරම්. පදවැල දැක්කම මට හිතුණා මෙයින් සමාජයට යම් පණිවිඩයක් දෙන බව. ඒ නිසා මේ ගීතය ඉක්මනටම මට කරන්න ආස හිතුණා.

    තමන්ගෙ නිර්මාණයක් එළියට ගේන්න සමාජ මාධ්‍ය හොඳ මෙවලමක් වෙලා. සන්දීප්ගේ ගීතයත් අපිට රධභබභඡඥ හරහා බලන්න පුළුවන් නේද?

    මට ගීතයක් කරලා රසිකයා අතරට අරන් යන්න ක්‍රමයක් තියෙන නිසයි මාත් ගීතයක් කළේ. නැතිනම් කොහොමද මේ ගීතය රසිකයා අතරට අරන් යන ආකරය මම දන්නෙත් නෑ. ඉතාම පහසුයි දැන් මට නිර්මාණය කරන්න. ඒ වගේම රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මටම බලන්න පුළුවන් නිසා තවත් සතුටුයි.

     

    මේ ගීතය ගයන ගායන විලාසය වෙනස්?

    මේ ගීතය රොක් ස්ටයිල් එකටයි ගායනා කරන්නේ. මීට කලින් මම මේ ආරයට ගීත ගායනා කරලා නෑ. මම ක්ලැසිකල් හා ඉංග්‍රීසි ගීත තමයි ගායනා කරන්නේ. එහෙත් මෙහි සංගීත සංයෝජක සරත් සර් තමයි මේ මෙලඩි එක හදලා දුන්නේ. මුලින් මට හිතුණා මම කලින් මේ ආරයට ගායනා කරලා නැති නිසා ප්‍රශ්නයක් වෙයිද කියලා. නමුත් මට ගීතය සමඟ කාලය ගත කරද්දි තේරුණා මේ ගීතයේ වචනවල තියෙන අර්ථය ඒ ආකාරයෙන්ම දනවන්න මෙවැනි මෙලඩියක් කදිමට ගැලපෙනවා කියලා. ඒ වගේම ඒ සඳහා මම මගේ බාහිර ස්වරූපයත් වෙනස් කළා.

     

    ඉදිරියේදී තව නිර්මාණය එන්න තියෙනවාද?

    ඔව්. මම තව ගීතයක් කරලා තියෙනවා. එයා ආදරය තේමා කරගෙන කරපු එකක්. තාම එහි වැඩ කරගෙන යනවා. එයත් ඉක්මනටම ‍රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.

     

    මන්දිරේ සැපසේ මාවතේ සිතුසේ

    මල් ලෙසින් පිපුණු යව්වනයේ ඇයි බැදී මෙලෙසේ

    මත් රකුස් දැහැනේ ….//

     

    මවුපියන් මහදුක් ගින්දර දරාලා

    මල්වගේ දරුවන් ලෝකෙට හදාලා

    සිප්සතර දුන්නේ

    ඒ සොදුරු පැතුමන්

    බිදිලා සුන්වුනේ දස අතේ …

    මත්කුඩු රකුසු දැලකි මල් වගෙ උන් රැගෙන ගියේ …..

     

     

    ජාතියේ පෙරමුණ ගන්නට සිතාලා

    සිටි යොවුන් සුන්දර රූපය මැකීලා

    සවිය සිදිලා දිරිය නැතිවී

    ගත ගිලන්වී වතිරුනේලෝකය අපගේ නොවේදෝ සොයුරනේ

    මත්වී උමතු වෙලා අයි ය්ව්වනේ

    සුන්දර ආදරේ විදගමු ජීවිතේ

    දැවටෙනු එපා රකුසු දැලේ ….

     

    මන්දිරේ සැපසේ මාවතේ සිතුසේ

    මල් ලෙසින් පිපුණු යව්වනයේ ඇයි බැදී මෙලෙසේ

    මත් රකුස් දැහැනේ ….//

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.