24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ඉදිරි සතිය තීරණාත්මකයි

    - Advertisement -

    සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

    මේ වන විට රට තුළ කොරෝනා රෝගය ව්‍යාප්ත වීම ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතින අවස්ථාවක ජනතාව අදාළ සෞඛ්‍ය රීතින් නොතකමින් සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් ඉදිරි සතිය තීරණාත්මක සතියක් වනු ඇතැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

    - Advertisement -

    කොරෝනා ආසාදිතයන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් අලුතින් හඳුනා ගැනීම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    මේ තත්ත්වය හේතුවෙන් රට පුරා සෑම රෝහලකම කොරෝනා රෝගීන් වෙනුවෙන් විශේෂ වාට්ටු ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයිද සමරවීර මහතා කියයි.

    රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින රෝගීන් සංඛ්‍යාව 17,000කට අධික බවත් එය කිසි සේත් මෙරට රෝහල් පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙයි.

    - Advertisement -

    රක්ෂණ ශ්‍රියන්ත සහ භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.