24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ඉහළ ආරක්ෂාවක් දෙන රුසියාවේ එන්නත පුටින් අගයයි

    - Advertisement -

    ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ එන්නත අගය කරමින් “කලෂ්නිකොව් ප්‍රහාරක රයිෆලයක් තරම් විශ්වාසදායක” යැයි ප්‍රකාශ කර තිබේ. බ්‍රහස්පතින්දා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ටැටියානා ගොලිකෝවා සමඟ වීඩියෝ සම්මන්ත්‍රණයක දී මේ බව ප්‍රකාශ කර තිබේ. එය සිදු වූයේ රටේ සෞඛ්‍ය නිලධාරීන් විසින් බ්‍රහස්පතින්දා ස්පුට්නික් ෆයිව් එන්නතේ තනි මාත්‍රාවකින් යුත් ස්පුට්නික් ලයිට් ලෙස ලියාපදිංචි කිරීමත් සමඟය. පුටින් මහතාගේ සංසන්දනය සෝවියට් සමූහාණ්ඩුවේ යුගයේ ආයුධය ගැන සඳහන් කර ඇති අතර එය අදටත් ජනප්‍රිය වේ.

    මේ වසර මුලදී ඔස්ට්‍රියානු වෛද්‍යවරයකු එන්නතේ කාර්යක්ෂමතාව පිළිබඳව කළ ප්‍රකාශයක් ඔහු මෙහිදී උපුටා දැක්වීය. පසුගිය වසරේ මොස්කව්හිදී එන්නත සඳහා ඉක්මන් නියාමන අනුමැතිය ලබා දුන් විට පුටින් පරිපාලනයේ විවේචකයන් සැක පහළ කළ නමුත් අවසාන අදියරේ අත්හදා බැලීම්වලින් පෙනී ගියේ එය කොවිඩ් -19 ට එරෙහිව ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සපයන බවයි. එහි මාත්‍රා දෙකේ අනුවාදය දැන් ලොව පුරා රටවල් ගණනකට අවසර දී ඇත.

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.