24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කොරෝනා සටනට කෝලිගෙන් කෝටි 2ක්

    - Advertisement -

    ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ ඔහුගේ බිරිය අනුෂ්කා ශර්මා එක්ව කොරෝනා වසංගතයට එරෙහි සටන සඳහා ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

    ඉන්දියාවේ කොරෝනා වයිසරය මේ වන විට ඉතා දරුණු තත්ත්වය පවතින අතර, ඉන්දියාවට මෙය ඉතා අසීරු බවත්, තම රට මේ අයුරින් දුක් විඳීම දැකීම ගැන ඇත්තේ වේදනාවක් බවත් කෝලි සහ අනුෂ්කා පවසා ඇත.

    - Advertisement -

    ඔවුන් මෙලෙස අමෙරිකානු ඩොලර් 270,000ක් පරිත්‍යාග කර ඇත්තේ කොරෝනා සහන සඳහා අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක් සඳහායි.

    “දැන් ඔවුන්ට අපගේ සහයෝගය අවශ්‍යයි. අප ඔවුන්ගේ පැත්තේ සිටගෙන සිටිය යුතුයි. එබැවින් අනුෂ්කා සහ මම මේ සඳහා අරමුදල් සම්පාදයනය කිරීමට කටයුතු ආරම්භ කර ඇත්තෙමු. තවද අප ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩසටහනට සම්බන්ධ වී පරිත්‍යාග කරන ලෙසයි” කෝලි පවසා තිබේ.

     

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.