24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    තරුණ සේවා – රූපවාහිනී වොලිබෝල් මූලික වටයේ ජාතික තරග ගම්පහදී අවසන්

    - Advertisement -

    ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන 34 වැනි “තරුණ සේවා-රූපවාහිනී” අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ මූලික තරග පසුගියදා ගම්පහ මහා නගර සභා ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ 3කදී සාර්ථකව නිමාවට පත් විය.

    තරගාවලියේ සමාරම්භක උත්සවය නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක‍්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ හා ගම්පහ පුරපති ඒරංග සේනානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    - Advertisement -

    මේ තරගාවලියට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් 26 බැගින් සහභාගී විය. එහිදී මූලික වටය ජය ගනිමින් පිරිමි අවසන් පූර්ව තරග සදහා කොළඹ, කෑගල්ල, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික් කණ්ඩායම්ද, කාන්තා තරග සඳහා කොළඹ, පුත්තලම, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික් කණාඩායම් ද තේරී පත් විය.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ 
    සිසිල ගුණතිලක

     

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.