24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    දවසේ ලග්න පලාපල

    - Advertisement -

    මේෂ ලග්නය – දේපළ සම්බන්ධ ගැටලු

    මේෂ ලග්නයට අනුව අද ඔබට තම දූ දරුවන්ගේ කටයුත්තක් සඳහා නිවසින් දුර බැහැර යාමට සිදු වේ. තම දේපළ සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. ආර්ථික අතින් පාඩු සිදුවනු ඇත. සකසුරුවම අපරික්ෂාකාරී බව අවශ්‍ය වේ. ඒ අනුව ඔබ තම ආගමික කටයුතු කෙරේද සිත යොමු කර මානසික ඒකාග්‍රතාව උදා කර ගැනීමට උනන්දු වන්න. නැතොත් තම ගැටලුවලට තව තවත් අවුල් සිදුවනු ඇත.

    - Advertisement -

    වෘෂභ ලග්නය – ආර්ථිකය සවිමත් වේ

    වෘෂභ ලග්නයට අනුව අද ඔබට ආර්ථික අතින් සුබයි. ගෘහ ජීවිතය කාර්ය බහුල වේ. නව ආයෝජනවලට මඟ පෑදේ. තම එදිනෙදා කටයුතු කාර්යක්ෂම ලෙස කරගෙන යාමට හැකි වේ. තම දූ දරුවන්ගේ කටයුතුවලට වැඩි කැපවීමක් දැරීමට සිදුවන අතර, දණහිස ආශ්‍රිත උවදුරු පෙන්වන නිසා කල්පනාකාරී වන්න.

    මිථුන ලග්නය – රැකියා උසස් වීම්

    - Advertisement -

    මිථුන ලග්නයට අනුව අද ඔබට රැකියා යහපත උදා වේ. නව රැකියා මාර්ග හා තමා දැනට කරගෙන යන රැකියා උසස් වීම් ද සහිතයි. වාහන ඉඩම් ලාභ පෙන්වයි. සිතට දැනෙන ශක්තිය දැඩිකම මත විවිධ ආර්ථික ක්‍රමෝපායන මාර්ග අත්හදාබැලීම් සිදු කෙරෙනු ඇත. තුනටිය ආශ්‍රිත උවදුරු පෙන්වයි ප්‍රවේසම් වන්න. බර ඉසිලීම් සුබ නොවේ.

    කටක ලග්නය – ගෘහ ජීවිතය සතුටුදායක වේ

    කටක ලග්නයට අනුව අද ඔබට තම පෙර පිං මහිමය උදාවීම තුළ විවිධ ආගමික කටයුතුවල නිරත වන බවක් පෙන්වයි. වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ රැසක් උදා වේ. ඒ අතර දේපළ හිමිකම නව නිවසක පදිංචියට යාම සිදු වේ. ගෘහ ජීවිතය සතුටුදායක වන නමුදු වෙහෙසකාරී බව නිසා පීඩාවලට ගොදුරු වේ. යටි බඩේ අසනීප හා සැර උෂ්ණ ආහාර නිසා අගුණ පළවනු ඇත.

    - Advertisement -

    සිංහ ලග්නය – ආර්ථික පාඩු

    සිංහ ලග්නයට අනුව අද ඔබට චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයේ 08 වැන්නේ හැසිරෙන නිසා ඉතා ප්‍රවේසම් වන්න. ආර්ථික පාඩුවකට හේතු වෙයි. බලාපොරොත්තු නොවූ කටයුත්තකට අතගැසීම නිසා එහි පසුතැවීමකට භාජනය වේ. තම විවාහ ස්ථානගත ගැටලු හා ආදර සබඳතා බි‍ඳෙන තත්ත්වයකි. සිත සන්සුන්ව තබා ගැනීමට වග බලා ගන්න.

    කන්‍යා ලග්නය – විවාහ දිවිය සතුටුදායක වේ්

    කන්‍යා ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. සතුටුදායක ලෙස කාලය ගත කිරීමට හැකි වේ. තම සහකරු හෝ සහකාරිය අතර සුහදතාව දැඩිවන දිනකි. හුදෙකලාව හිඳීමේදී තම නව යොවුන් ආදර සබඳතා දලුලා වැඩෙනු ඇත. කොතෙක් කටයුතු තිබුණ ද ආලය, ආදරය, විවාහ දිවිය වෙනුවෙන් වැඩි කැපවීමක් සිදු කෙරෙන දිනකි. පපුවේ සෙම, හතිය දැඩිවන ලකුණු පෙනේ.

    තුලා ලග්නය – ශරීර සෞඛ්‍යය අයහපත් වේ

    තුලා ලග්නයට අනුව අද ඔබට චන්ද්‍රචාරය 06 වැන්නේ නිසා යටිබඩ ආශ්‍රිත අගුණ පළ වේ. සැර ආහාරයක් නිසා අජීර්ණ තත්ත්වයකි. ගෘහ ජීවිතය කාර්ය බහුල වේ. තම රැකියාගත රාජකාරි පැහැර හැරෙන තත්ත්වයක් මත ප්‍රධානීන් තමාට චෝදනා එල්ල කිරීමට ඉඩ ඇත. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ආර්ථික පාඩු මෙන්ම ව්‍යාපාර බිඳවැටීම් මතු කෙරේ.

    වෘශ්චික ලග්නය – වාසනාවන්ත දරු සම්පත්

    වෘශ්චික ලග්නයට අනුව අද ඔබට ඉතා සුබයි. වාසනාවන්ත දරු උපත් ආර්ථික සවිමත් බව සෙසු අයගේ ඇප උපකාර සහිතයි. තම දේපළකට තිබූ බාධා ඉවත් වේ. නඩු තීන්දුවක් තම වාසිය පිණිස ලැබේ. තම වෘත්තීය මට්ටම උසස් වනු ඇත. ලැබීම්වලට සමගාමීව වියදම් ද පෙන්වන නිසා කල්පනාකාරී වන්න.

    ධනු ලග්නය – සිතේ සතුට සැනසුම

    ධනු ලග්නයට අනුව අද ඔබට තම වාසනාව පිළිබඳ වඩාත්ම තහවුරු කරන කරුණු කීපයක් උදා වේ. ඒ අතර රැකියා ව්‍යාපාර සපල වේ. උසස් ආදායම් ලැබේ. අන් අයගේ ඇප උපකාර හා ආර්ථික පරිත්‍යාගයන් උදා වේ. වාහන, ඉඩම් ලාභ මූල්‍යමය ප්‍රතිලාභ මෙන්ම නව නිවසක පදිංචියට යාම ආදිය සිදු වන නිසා සිතේ සතුට සැනසුම උදා වේ.

    මකර ලග්නය – ජලාශ්‍රිත කටයුතු කෙරෙන් ප්‍රතිලාභ

    මකර ලග්නයට අනුව අද ඔබට ජලාශ්‍රිත කටයුතු කෙරෙන් ප්‍රතිලාභ ලැබේ. ධීවර ප්‍රජාවගේ ආදායම් උසස් වේ. තවද වැලි ගොඩ දැමීම්, මැණික් හෑරීම් ආදි කටයුතුවල නිරත අයට උසස් ලැබීම් සහිතයි. ශරීර සෞඛ්‍ය අතින් සීතල වැඩි වීම නිසා සෙම, හතිය, උණ ආදි අසාත්මිකතා අැති වීමට පුළුවන.

    කුම්භ ලග්නය – ලොතරැයි ජය

    කුම්භ ලග්නයට අනුව අද ඔබට ධන සම්පත් උදා කෙරේ. නොසිතූ මාර්ගවලින් ආදායම් ලොතරැයි ජය මෙන්ම තරග විභාගවලින් ජය හිමි වනු ඇත. ඔට්ටු ඇල්ලීම් තුළින් ධන සම්පත් ඇති වේ. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ උනන්දු විය යුතු වන්නේ ස්නායුගත ගැටලු පවතින අයයි. ඒ රෝග උත්සන්න වන ලකුණු පෙනේ.

    මීන ලග්නය – නිදහස් අදහස්වලට මුල්තැන

    මීන ලග්නයට අනුව අද ඔබට ඉතා සුබයි. චන්ද්‍රයා ලග්නයේ හැසිරෙන අද ඔබට සතුටුදායක ආරංචි රැසක් අසන්නට ලැබේ. නිදහස් අදහස් ක්‍රියාවට නැංවීම නිසා බොහෝ අයගේ ප්‍රසාදය දිනාගත හැකි දිනකි. ඔබ නිර්මාණශීලී අයකු නම් ග්‍රන්ථකරණය පිළිබඳව මූලාරම්භයක් සිදු කිරීම සුබයි. ඔබ ගන්නා තීන්දු තීරණ යහපත් ලෙස ප්‍රතික්‍රියා කරන දිනකි.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.