24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    නීතිපති ගැන ජනපතිගේ යෝජනාව සලකා බලන්න ව්‍යවස්ථාදායක සභාව 13 දා රැස් වෙයි

    - Advertisement -

    නීතිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා එම තනතුරට පත් කරන්නේ දැයි කරුණු සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 13 දා රැස් වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

    අනතුරුව ව්‍යවස්ථාදායක සභාවේ තීරණය ජනාධිපතිවරයාට දැනුම් දෙනු ඇත. නීතිපති ධුරය සඳහා ජනාධිපතිවරයා යෝජනා කර ඇති සංජය රාජරත්නම් මහතාගේ නාමය ජනාධිපති කාර්යාලය විසින් කථානායකවරයාට පෙරේදා (6) බාර දෙනු ලැබීය. නීතිපති ධුරයේ කටයුතු කරන දප්පුල ද ලිවේරා මහතා ලබන 20 වැනිදා විශ්‍රාම යෑමට නියමිත අතර, ඒ අනුව පුරප්පාඩු වන නීතිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් රාජරත්නම් මහතාගේ නම යෝජනා කර ඇත.

    - Advertisement -

     

    භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.