24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    විලියම්සන් ඇතුළු පිරිසක් දිල්ලියේ ජෛව බුබුළක

    - Advertisement -

    නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් මෙවර අයිපීඑල් තරගාවලියට එක් වූ ක්‍රීඩකයෝ ඊයේ යළි සිය රට බලා යෑමට කටයුතු කළහ.

    එහෙත් නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් ඇතුළු ක්‍රීඩකයන් තිදෙනකු සහ භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කරන ටොමී සිම්සෙක් ඉන්දියාවේ දිල්ලි නුවර ජෛව ආරක්ෂිත බුබුළක රැඳී සිටින බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

    - Advertisement -

    ඒ ලබන සතියේ ආරම්භ වීමට නියමිත නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය හේතුවෙනි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහ අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක් වීම සඳහා මෙලෙස නවසීලන්ත පිල එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

    විලියම්සන් ඇතුළු පිරිසට එංගලන්තය බලා යෑමට 11 වැනිදා තෙක් බලා සිටීමට සිදු වීමෙන් මෙලෙස දිල්ලි නුවර රැඳෙන අතර, පසුව එංගලන්තයේදී කණ්ඩායමට එක් වනු ඇත.

    කෙසේ වෙතත් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නකු වන ට්‍රෙන්ට් බෝල්ට් අද (8) නවසීලන්තය බලා පිටත්ව යන අතර, ඔහුට එංගලන්තය සමඟ තරගාවලියේ පළමු තරගය අහිමි වන අතර, දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතී. ඔහු ජූනි මස මුලදී ටෙස්ට් කණ්ඩායම සමඟ එක්වන බවත් ඉන් පෙර පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීම සඳහා නවසීලන්තයට පැමිණෙන බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබිණි.

    - Advertisement -

    කෙසේ වෙතත් ඔහු අනිවාර්යයෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

    ටෙස්ට් සංචිතයේ නවසීලන්තයේ සිටින සාමාජිකයන් මේ 16 සහ 17 දිනවල එංගලන්තය බලා පිටත්ව යනු ඇත.

    නවසීලන්ත – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ජූනි 2 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි තරගය 10 වැනිදා සිට පැවැත්වේ. ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර, ජූනි 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.