24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    හොඳම තත්පරේ ගෙවෙන තත්පරේද?

    - Advertisement -

    ඔබගේ ජීවිතයේ වටිනාම දෙය කුමක්දැයි කෙනකු ඔබෙන් ඇසුව හොත් ඔබේ පිළිතුර කුමක් හෝ දෙයක් එසේත් නැතිනම් කවුරුන් හෝ පුද්ගලයකු විය හැකිය. නමුදු ඔබ කුමක් කීවද විටෙක අපට නොහැඟෙන නමුත් ඔබ මම අප සියල්ලන්ටම වටිනාම දේ අන් කිසිවෙක් නොව මේ ගෙවෙනා තත්පරයි.

    තත්පර, මිනිත්තු, පැය, දවස්, මාස, අවුරුදු ආදි වශයෙන් මේ ගෙවෙන්නේ නැවත කිසිදාක අපට නොලැබෙන කාලයයි. කාලය මිල කළ නොහැකිය. එය මිලට ගන්නට ද නොහැකිය. අපට ලැබෙන සෑම තත්පරයකටම අප වටිනාකමක් එක් කළ යුතුය. දුරකතනය, රූපවාහිනිය, සමාජ මාධ්‍ය, මේ සියල්ලටම ඔබ කෙතරම් නිකරුණේ කාලය වැය කරනවාද? ඔබ දන්නවාද 2011 වසරේ එක්සත් රාජධානියේ කළ සමීක්ෂණයකට අනුව අවුරුදු හතරක් හෝ ඊට වැඩි දරුවන් සාමාන්‍යක් ලෙස දවසකට රූපවාහිනිය බැලීමට වැය කරන කාලය විනාඩි 242කි. අපි මේ සොයා යන්නේ කුමක්ද? මෙහි අවසානය කුමක්ද? මෙහි අවසානය සංවර්ධිත එහෙත් ව්‍යාකූල මනසකින් හෙබි මිනිසකු බිහි කිරීමයි.

    - Advertisement -

    කාලය වටිනවාය කියා සෑම තත්පරයක්ම මුදල් පසුපස දිවීම වනාහි ද කාලයට වටිනාකමක් එක් කිරීම නොවේ. අප ජීවිතයට වටිනාකම් එක් කළ යුතුය. එවිට වටිනා ජීවිතයක් මිස කාලකණ්ණි යනුවෙන් සම්මත ජීවිතයක් ඔබට හිමි නොවනු ඇත. කාලය සියල්ලන්ටම ලැබෙන්නේ සමානවයි. එහෙයින් මුදල්ම නොව සතුටත්, විනෝදයම නොව වටිනාකම්ද, ගුණ ධර්ම, නැණවත්කම් මේ සියල්ල සමබර කර ගනිමින් ඔබට මට අප සියල්ලන්ටම ගෙවෙන සෑම තත්පරයකටම වටිනාකමක් එක් කිරීමට හැකි වේවායි මේ ගෙවෙන තත්පරයේදී ප්‍රාර්ථනා කරමි.

     

    එස්. එම්. ඒ. ඩී. සමරකෝන්

    - Advertisement -

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.