24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    SLT- MOBITEL හඳු­න්වා­දෙන වසර පුරා වාසි ලබා දෙන ‘Laptop Fiesta’

    - Advertisement -
    8 මැයි, 2021

    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT- MOBITEL, සිය විශ්වාසවන්ත පාරිභෝගිකභවතුන් උදෙසා විශේෂයෙන්ම හඳුන්ව දෙන ලද ‘Laptop Fiesta’ ත්‍යාග වැඩසටහනේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා අත්විඳින සියලුම පාරිභෝගිකයන් වෙත නවමු අත්දැකීමක් ලබා දෙන මෙම වැඩසටහන SLT-MOBITEL සන්නාම ඒකාබද්ධතාවයේ තවත් වැදගත් සන්දිස්ථානයක් ලෙස හැඳින්විය හැක.

    මෙහිදී, සියලුම SLT-MOBITEL පාරිභෝගිකයින්ට බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් කිරීම හරහා වසර පුරාම මෙම ත්‍යාග දීමනාවට ඇතුළත්වීමේ සුදුසුකම හිමි වන අතර, එමඟින් වාසනාවන්ත ජයග්‍රාහකයන් 15 දෙනෙකුට සෑම සතියකම ලැප්ටොප් දිනා ගැනීමේ අවස්ථාව උදාවේ.

    - Advertisement -

    රට තුළ ඩිජිටල්කරණය වේගවත්ව සිදුවෙමින් පවතින අවස්ථාවක, ලැප්ටොප් පරිගණකයක් දිනා ගැනීමේ අවස්ථාව තමන්ගේ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට ලබා දීමේ වැදගත්කම SLT- MOBITEL විසින් මනාව හඳුනාගෙන තිබේ. මෙමගින් විවිධ අන්තර්ජාල තොරතුරු මුලාශ්‍ර හරහා අසීමිත තොරතුරු ප්‍රමාණයක් වෙත ප්‍රවේශය වීමේ අවස්ථාව තම පාරිභෝගිකයන්ට ලබාදෙමින්, ඔවුන්ගේ අන්තර්ජාල ප්‍රවේශයේ සීමාවන් පුළුල් කිරීමට SLT- MOBITEL බලාපොරොත්තු වේ.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.