24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ජනප්‍රිය වුණා කියලා මගේ දේවල් වෙනස් කරගත්තේ නැහැ

    - Advertisement -
    -සශිකා නිසංසලා-
    මැයි 13, 2021

     

    “චන්ද්‍රා පායන්න

    - Advertisement -

    ගංගා සිප ගන්න

    හෘදයේ ඡායා මවා…

    රිද්දා සිප ගන්න

    - Advertisement -

    සීතේ බෑ ඉන්න

    ආලේ හිස්තැන් එපා…”

     

    - Advertisement -

    “නැතුවට කම් නෑ රන්මාලේ

    සිත බැඳී මුතු පොට නුඹෙ ආලේ..

    වියදම් අඩුවට කරකාරේ

    ගත්තට අඩු නෑ ආලේ…”

     

    මනුරංග විජේසේකරගේ පදවැල් සමඟ දිනේෂ් ගමගේගේ මියුරු තනුවෙන්ද සශිකා නිසංසලාගේ හඬින් සුගායනීය වුණු ඒ ගීතය මේ දිනවල රසිකයන් ආදරයෙන් වැළඳගත් ගීතයක්. තරුණ ගායන ශිල්පිනියන් අතර සශිකාගේ නිසංසලාගේ හඬට ලැබෙන්නේ ඉතා ඉහළ ස්ථානයක්. කාලෙන් කාලයට ක්ෂේත්‍රයේ විවිධ රැලි පැමිණියද ඒ සියල්ලට හසු නොවී තම අනන්‍යතාව සමඟ උඩුගම්බලා පිහිණූ ගායන ශිල්පිනියක් ලෙස සශිකා කා අතරත් කතාබහට ලක්වන චරිතයක්. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ඊඩඥ ඍධඪජඥ වැඩසටහනේ විනිශ්ච මඬුල්ල නියෝජනය ඇයට එමඟින්ද ලැබුණු ජනප්‍රසාදය අතිමහත්. ඉතින් ඇයත් සමඟ සුහද සංලාපයකට ඉහත කාරණා ප්‍රමාණවත්.

     

    සශිකාගේ ජීවිතයට චන්ද්‍රා පායලා නේද?

    ඔව්. “චන්ද්‍රා පායන්න” ගීතය නිසා සහ ඒකට ලැබෙන ප්‍රතිචාර එක්ක මම ඇත්තටම සතුටින් ඉන්නේ.

     

    “චන්ද්‍රා පායන්න” ගීතය සශිකාට ලැබෙන්නේ කොහොමද?

    මම මියුසික් වීඩියෝවක් සහිත ගීතයක් කරනවා වසරකට සැරයක්. මම ගොඩක් මහන්සි වෙනවා හොඳ නිර්මාණයක් රසිකයන්ට දෙන්න. ගීතයක් නිර්මාණය කරද්දි මම විශේෂයෙන් පදරචනය ගැන බලනවා. ඒ පදරචනාව තුළ ගොඩක් ගැඹුරු නොවුණත් යම්කිසි ගැඹුරක් සහිත අරුතක් මම බලනවා. මේ ගීතයේ “නැතුවට කම් නෑ රන් මාලේ – සිත බැඳී මුතුපොට නුඹ ආලේ” වගේ පද දැක්කාම මට හිත ගියා. මනුරංග එක්ක මම ක්ෂේත්‍රයේ ගොඩක් වැඩ කරලා තියෙනවා. මීට වසර හතකට පෙර “කවුරුන්ද කවුලුව වැහුවේ” ගීතය මනූගේ ආරාධනාවෙන් තමයි මමයි චාමරයි ගායනා කරන්නේ. අපි නිතර වැඩවලදි මුණගැහෙනවා. මනූ දන්නවා මම වෙනස් විදිහේ ගීත හොයන කෙනෙක් කියලා. දවසක් මනු මට කතා කරලා කිව්වා “අක්කේ සින්දුවක් තියෙනවා පොඩ්ඩක් බලන්න” කියලා. ඒ ගීතයේ වචන ටික සහ මෙලඩි එක අහපු ගමන්ම මට ආස හිතුණා. මම විශ්වාස කරනවා ගීතයක් කරද්දි ඒක කාටත් කලින් අපිට දැනෙන්න ඕනේ. මේ ගීතය මට දැනුණා. තනුව නිර්මාණය කරපු දිනේෂ් ගමගේ මල්ලිත් මීට කලින් මට මුණගැහිලා තියෙනවා. ඔහුගේ නිර්මාණත් මම විඳීන රසිකාවියක්. මේ නිර්මාණය මම භාරගත්තා කරන්න. මේ වැඩේදී මනුරංග, මම සහ දිනේෂ් අපි තුන්දෙනාම සෑහෙන්න මහන්සි වුණා. මගේ සැමියාත් මේ වැඩවලට ලොකු සහයෝගයක් දුන්නා. අපි කතාබහ කරලා එකතු වෙලා කරපු නිර්මාණයක් මේක. මේ ගීතයේ සංගීත සංයෝජනය කරපු අමිත් ගුරු, ගයාන් රැන්ඩි මල්ලිලාවත් මතක් කරන්න ඕනේ.

     

    මේ ගීතයේ රූපරචනාවත් විශේෂයි?

    ඔව්. අපි ගීතය නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ අපි කතා වුණා කාටද වීඩියෝ එක භාර දෙන්නේ කියලා. මට ඕනේ වුණා මේ ගීතයේ තියෙන තනුව, ශාස්ත්‍රීය අලංකාර තවත් වැඩි දියුණු වෙන විදිහ රූප රචනාවක් කරන්න. අපිට එක සැරේම මතක් වුණේ චමිල් පතිරණව. චමිල් කියන්නේ රූපරචනා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත කෙනෙක්. අපිට ඕනේ දේ එක්ක ඔහුගේ නිර්මාණශීලීත්වය එකතු කරල ලස්සන වැඩක් අපිට කරල දුන්නා. මේ ගීතය ඇතුළේ අපේ ගැමි පරිසරය නිරූපණය වෙන්නේ. ගැමියන්ගේ සාමාන්‍ය සරල ජීවිතය රසිකයින්ට දෙන්න අපි ගත්ත උත්සාහය සාර්ථකයි. ගීතයේ රූපරචනාවට සම්බන්ධ වුණු කාර්ය මණ්ඩලයට වගේම ප්‍රවීණාට සහ කණිෂ්කටත් ස්තූතිවන්ත වෙනවා මම.

     

    මේ ගීතය ඉතා කෙටි කාලයකින් රසිකයන් ආදරයෙන් වැළඳගත්තා නේද?

    ඉතාම ඉහළ ප්‍රතිචාර ගොඩක් මට ලැබුණා. ගොඩක් අය මට කිව්වේ “කාලයෙකින් අපේ දේ දැක්කා” කියලා. මේ වෙද්දි යූටියුබ් එකෙන් මිලියනයකට වඩා ගීතය නරඹලා තියෙනවා. කමෙන්ට් හත්දහසක් පමණ පළ වෙලා තියෙනවා. ඒ ප්‍රතිචාරවල තියෙනවා ඔවුන් මේ ගීතය විඳීන හැටි. එක ප්‍රතිචාරයක තිබුණා එක්තරා වෛද්‍ය ශිෂ්‍යාවක් ඇයගේ අවසාන විභාගයට පාඩම් කරන විට එන මානසික අවපීඩනය නැති කරගත්තේ මේ සින්දුව අහලා කියලා. ඒ වගේ තව ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර සියල්ල මම ආදරෙන් භාරගන්නවා. ප්‍රතිචාර සියල්ලන්ගෙන්ම ඊටත් වඩා තව හොඳ නිර්මාණයක් කරන්න අපි අභිප්‍රේරණය වෙනවා.

     

    සශිකා නිසංසලා සින්දුවක් කිව්වොත් ඒක ජනප්‍රිය වෙනවා. මොකක්ද රහස?

    මම තෝරගන්න නිර්මාණයට මම උපරිම සාධාරණය කරනවා. ගීතයක පදරචනයට ගැලපෙන විදිහට තනුවක් වැටිලා තියෙන්න ඕනේ. එතකොට තමයි ගීතයේ පදරචනයට අනුව භාවය ඉස්මතු වෙන විදියට ගායනා කරන්න පුළුවන් වෙන්නේ. මට ගීත හදවතින්ම ගායනා කරන්න පුළුවන් වෙන්නේ එතකොට. මට ලැබෙන ගීතවලින් හොඳම එකක් තෝරාගන්නා නිසා තමයි මට උපරිමයෙන් ඒ ගීතය ගයන්න පුළුවන්. ඒක ප්‍රේක්ෂකයන්ට දැනෙනවා.

     

    “කෝච් සශිකා”ගේ භූමිකාව ගැනත් කතා කරමු?

    ඇත්තටම මම ඊඩඥ ඍධඪජඥ වගකීම භාරගත්තේ ගොඩක් කල්පනා කරලා. මම ගොඩක් විනිසුරු මඬුලුවල ඉඳල තියෙනවා. මේ තරගය ඊට වඩා ටිකක් වෙනස්. මෙතැන විනිශ්චකාරවරියක් නෙමෙයි මම කෝච් කෙනෙක්. යම් පුහුණුවක් සහිත නවකයන්ට මඟපෙන්වන්නියක් ලෙස මම කටයුතු කළ යුතුයි. මේ තරගය ජාත්‍යන්තර තරගයක්. ඊට අදාළ සමාගමේ අනුමැතිය සහිතවයි තරගය පවත්වන්නේ. මම ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. මම කෝච් කෙනෙක් විදිහට මගේ කණ්ඩායම වෙනුවෙන් ගොඩක් කැපවුණා.

    තරගය පැවැත්වුණු මුල් කාලයේදී ගොඩක් අය සශිකාට බැන්නා.

    ඔව්. තරගය ගැන ලොකු අවබෝධයක් ගොඩක් අයට තිබුණේ නැහැ. ඒ නිසා මම කමෙන්ට් කරන විලාශයට සහ ගීත රසවිඳීන විලාශය ගොඩක් විවේචන තිබුණා. මේ තරගය මට දෙරණ 60+වල වගේ විනිශ්චය කරන්න බැහැ. මේක අන්තර් ජාතික මට්ටමේ වැඩසටහනක්. එහිදී කෝච් කෙනෙක් විදිහට මගෙන් වෙන්න ඕනේ මොකක්ද කියලා තේරුම් අරගෙන මම වැඩ කළා. රසිකයෝ අපි දකින්න කැමති විදිහක් තියෙනවා. ඒ අයට තරගය ගැන යම් අවබෝධයක් එද්දි මාව විවේචනය කරන එකත් නැවතුණා.

     

    අලුත් පරපුර එක්ක වැඩ කරපු අත්දැකීම කොහොමද?

    මේ අපේ අනාගත පරම්පරාවනේ. මේ පරම්පරාව හරිම දියුණුයි. එක පැත්තක් නෙමෙයි මේ අය සංගීතයේ සෑම පැත්තක්ම ග්‍රහණය කරන්න සහ ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා. මම වසර විසිඑකක් තිස්සේ ක්ෂේත්‍රයේ ලබන අත්දැකීම් සහ මම ඉගෙනගත්ත දේවල් එක්ක මේ තරගය තුළ උපරිමයක් සහ සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. තරගය එන්න එන්න තියුණු වෙද්දි ඉතිරි වෙන්නේ සුළු පිරිසක් විතරයි. තමන්ගේ දක්ෂතාව වැඩියෙන් පෙන්වන අඩුපාඩු අවම අය තමයි තරගයෙන් අපි ඉදිරියට අරගෙන යන්නේ. නමුත් තරගයෙන් ඉවත් වුණත් මේ හැමෝටම ක්ෂේත්‍රයේ නමක් හදාගන්න සහයෝගය දෙන්නයි මට අවශ්‍ය වුණේ. බැට්ල් තරග වටයේදී මගේ කණ්ඩායමට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මගේ මහන්සියේ ප්‍රතිඵල පේන්න තියෙනවා. ඒ වගේම මේ දක්ෂතා දකිනකොට අනාගත පරපුරේ සංගීතය ගැන මට ඉතාම සුබවාදී බලාපොරොත්තුවක් තියෙනවා. එක් එක් තරගකරුවන්ගේ දක්ෂතා විවිධයි. ඔවුන් එක්ක වැඩමුළු පවත්වද්දි ඒ අය දක්ෂයි වගේම සංගීතය ගැන හොයන්න, ඉගෙන ගන්න පුහුණු වෙන්න කොයිතරම් උනන්දුයිද ද කියලා තේරුණා. ඊඩඥ ඍධඪජඥ තරගය තුළ ගායනයට වගේම වාදනයටත් දක්ෂ තරුණයෝ ඉන්නවා. ඒ නිසා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අනාගතය ගැන බයක් නැහැ. මේ වැඩසටහනට ඉදිරිපත් වෙන්න කලින් මට පොඩි දුකක් තිබුණා ලංකාවට ආවේණික සරල ගීත ශෛලිය වියැකෙමින් යනවා කියලා. නමුත් ඊඩඥ ඍධඪජඥ වැඩසටහන ඔස්සේ අපි හඳුනාගත්තා සරල ගීත සහ ජන සංගීතය ඔස්සේ ගායනා කරන ළමයි ඉන්නවා කියලා. ජන සංගීතය එක්කම බටහිර ශෛලියට ගායනා කරන ළමයිනුත් ඉන්නවා. ඉතින් සංගීත ක්ෂේත්‍රයේ අනාගතය ගැන බයක් නම් නැහැ.

     

    මේ අතර අවර ගණයේ “මල් සින්දු”ත් කියන සහ අහන පිරිසක් ඉන්නවා.

    මල් වත්තක වුණත් එකම ජාතියක මල් තියෙද්දි ඒකාකාරියිනේ. එක එක විදිහේ මල් තියෙන්නෙ ඕනේ. රසික රසිකාවන්ගේ රුචිකත්වය විවිධයි. වෙනස් වෙනස් රසවින්දනයන් තියෙනවා. මම හිතනවා හැම වර්ගයකම ගීත සංගීත ක්ෂේත්‍රයේ තිබිය යුතුයි කියලා. ශාස්ත්‍රීය ගීත, සරල ගීත, බටහිර ගීත මේ ඔක්කොම හැදෙන්න ඕනේ. කාලෙන් කාලෙට ක්ෂේත්‍රයේ විවිධ රැලි එනවා. ඒවාට හසුවෙනවා. නැවත තව රැලි එනවා. මම හිතනවා ක්ෂේත්‍රයක ඒ විවිධත්වය තියෙන්න ඕනේ කියලා. තමන්ට ගැලපෙන ගීතය තෝරාගෙන විඳීන එක රසිකයන් භාරයි.

     

    ඊඩඥ ඍධඪජඥ හඬ පෞරුෂය සශිකාගේ කණ්ඩායමෙන් බිහි වෙයිද?

    ඒක කියන්න බැහැ. මේ කණ්ඩායම් හතරේම ඉන්න ළමයි හරිම දක්ෂයි. වටෙන් වටේ ඉදිරියට යද්දි ඉතිරි වෙන්නේ දක්ෂයන්ගෙත් දක්ෂයෝ. මේ ළමයින්ගේ දක්ෂතා නිසාම තරගයෙන් ඉදිරියට යන්නේ කවුද කියලා තෝරගන්න බැරි තරම් දක්ෂයි. මමත් සමහර අවස්ථාවලදී අමාරුවේ වැටිලා තියෙනවා ජයග්‍රාහකයෝ තෝරද්දි. එතකොට අපිට පොඩි පොඩි අඩුලුහුඩුකම් බලලා හරිම දක්ෂයාව ඉදිරියට අරගෙන යන්න වෙනවා. ඒ නිසා මොන කණ්ඩායමේ කෙනෙක් පළමුවැනියා වුණත් මේ හැම තරගකරුවෙක්ම ජයග්‍රාහකයෙක්.

    ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙක් එක්ක ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

    මම ජ්‍යෙෂ්ඨ ගායකයෝ එක්ක ගීත ගොඩක් ගායනා කරලා තියෙනවා. ටී.එම්. ජයරත්න මහත්මයා එක්ක ගීත කීපයක් ගායනා කරලා තියෙනවා. අමරසිරි පීරිස් මහත්මයා එක්ක තමයි වැඩිපුරම මම ගීත ගායනා කරලා තියෙන්නේ. සඳගලතැන්න ටෙලිනාට්‍යයේ ගීතය ඇතුළු ටෙලිනාට්‍ය හත අටකම ගීත මම එතුමා එක්ක ගායනා කරලා තියෙනවා. ඉදිරියටත් එහෙම නිර්මාණ කරන්න අදහසක් තියෙනවා. නමුත් ජනප්‍රියත්වයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මම ඒ දේවල් කරන්නේ. සුනිල් එදිරිසිංහ මහත්මයාත් එක්ක ගීතයක් ගායනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. තවමත් හොඳ නිර්මාණයක් ලැබිලා නැහැ. මම වසර විසිඑකක් තිස්සේ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව වැඩ කරනවා. නමුත් සංගීත නිර්මාණ ගැන තියෙන ආසාව සහ තෘප්තිය තවමත් සම්පූර්ණ වෙලා නැහැ. තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. මට ලැබුණු හඬින් මම ඉගෙනගත්ත දෙයින් මැරෙන්න කලින් රසිකයන්ට මතක තියෙන ගීත ටිකක් දෙන්නයි මට ඕනේ.

     

    ඒත් සිනමාවෙන් සශිකාගේ කටහඬ අපිට වැඩිය ඇහෙන්නේ නැහැ.

    චිත්‍රපට දොළහක පහළොවක පමණ මම ගීත ගායනා කරලා තියෙනවා. සිනමාවට වඩා වැඩිපුර මට ගායනා කරන්න ලැබුණේ ටෙලිනාට්‍ය ගීත. ටෙලිනාට්‍ය හතළිස්පහකට වැඩියෙන් මම තේමාගීත ගායනා කරලා තියෙනවා. ඒවාට සම්මානත් ලැබිලා තියෙනවා. මට ලැබුණු දේවල් ගැන මම තෘප්තිමත්.

     

    මෑතකදී සශිකාට ජනතා සම්මානයකුත් ලැබුණා නේද?

    ඔව්. ස්ලිම් නේල්සන් සම්මාන උලෙළේ ජනතාවගේ ගායිකාවට මට සම්මාන ලැබුණා. තුරුණු ශක්ති සම්මානයෙන් පටන් ගත්තාම මට මේ වනවිට සම්මාන විසිඑකක් ලැබිලා තියෙනවා. මේ වසරේ මට ජනතා සම්මානය ලබුණේ හයවෙනි වතාවට. මේ සම්මානයට මම වසර ගණනාවක සිට නිර්දේශ වෙලා හිටියා. ඒ නිර්දේශ වීම සහ සම්මානය අඛණ්ඩව වසර හයක් ලැබීම ජනතාවගේ ආදරය මට උපරිමයෙන් ලැබෙනවා කියලා හිතනවා. ඒක මට ලොකු සතුටක්. මේ සම්මානය ලැබෙනවාට අමතරව එළිමහන් ප්‍රසංගවලදී, විවිධ උත්සවවලදී මම සජීවීව රසිකයන්ගෙන් ඒ ආදරය විඳලා තියෙනවා. අපේ හඬ රසවිඳීනවා වගේම සමහරු අපිව ආදර්ශයට ගන්නවා. ඒ ප්‍රතිචාර ඇහෙනකොට දැනෙන සතුට නිම කරන්න බැහැ.

     

    ක්ෂේත්‍රයට ඇවිත් දීර්ඝ කාලයක් වුණත් දැන් සශිකා ඉස්සර සශිකාමයි. කොහොමද වෙනස් නොවී හිටියේ?

    මම ගමක ඉපදුණු කෙනෙක්. උසස් පෙළට අනුලා විද්‍යාලයට ආවේ. මම ජනප්‍රිය වුණා කියලා මගේ දේවල් වෙනස් කරගත්තේ නැහැ. මම මේ ඉන්න විදිහට තමයි මම කැමතියි. සමහරු මගෙන් අහනවා ජනප්‍රියත්වය උදෙසාද මේ විදිහට අඳීන්නේ පලඳීන්නේ කියලා. මේක මගේ සාමාන්‍ය විදිහ. මේ ආභාෂය මට මගේ මවුපියගෙන් ආවේ. මම ලස්සනට අඳීනවා ලස්සනට මේකප් කරනවා. ඒත් මම බෞද්ධ සංස්කෘතියත් එක්ක සරල සාමාන්‍ය ජීවන රටාවක් ගත කරන්න කැමති කෙනෙක්. ඒ නිසාම මම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ.

     

    ටිකෙන් ටික වයස්ගත වෙලා ජනප්‍රියත්වය අඩු වෙන විට ගායිකාවන්ගේ ඊළඟ පියවර සංගීත නිකේතනයක් පටන් ගන්න එක. සශිකාත් එහෙම කරයිද?

    ගායන ශිල්පිනියන් තරුණ කාලයේදී විවිධ වැඩ එක ගොඩක් කාර්යබහුල වෙනවා. ඒ නිසා අලුත් පරපුරකට ගුරුහරුකම් ලබා දෙන්න වුවමනාව තිබුණත් ඒකට කාලය අඩු වෙනවා. මමත් කාලයක් ගුරුවරියක් ලෙස පාසලක සේවය කළා. දැන් ඊඩඥ ඍධඪජඥ වැඩසටහන නිසා මට ටිකක් වැඩිපුර දුරකථන ඇමතුම් එනවා හඬ පුහුණු කරන පන්තියක් පටන් ගන්න කියලා. මම පෞද්ගලික පන්තියක් පටන් අරගෙන නැහැ. පසුගිය කාලය ප්‍රසංග නිසා මම කාර්යබහුල වුණා. ගුරු වෘත්තිය කියන්නේ වගකීම් සහගත වෘත්තියක්. ඒක කරනවා නම් හරියට කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කැපවෙන්න මට කාලයක් තිබුණේ නැහැ. මම ගුරු වෘත්තියෙන් ඉවත් වෙන්නත් හේතුව මගේ පුතාලා දෙන්නාට වැඩි අවදානයම් යොමු කරන්න ඕනේ නිසා. ඔවුන්ගේ අධ්‍යාපනයට වැඩි කාලයක් ලබාදෙන්න ඕනේ. කාලයකදී මගේ දරු දෙදෙනා ලොකු වෙලා මට විවේකයක් ලැබුණොත් මම ඉගෙනගත්ත දේවල් සහ අත්දැකීම් ඉදිරි පරම්පරාව සමඟ බෙදාගනීවි.

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.