24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    යුපුන් අබේකෝන් ඉතාලියේදී මී. 100 ශ්‍රී ලංකා – ද. ආසියා වාර්තා යළිත් වරක් අලුත් කරයි

    - Advertisement -
    Author(s): 
    ප්‍රින්ස් ගුණසේකර

    ඉතාලියේ පුහුණු කටයුතු සිදු කරමින් සිටින යුපුන් අබේකෝන් ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ධාවන ඉසවුව තත්පර 10.15කින් නිම කොට ශ්‍රී ලංකා වාර්තාව හා දකුණු ආසියා වාර්තාව අලුත් කිරීමට ඊයේ සමත් විය. එලෙස දස්කම් දැක්වූ යුපුන්ගේ එකම ඉලක්කය තත්පර 10.05ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකරමින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීම බව තරගාවලියෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.

    මීටර් 100 ධාවන ඉසවුවේ දකුණු ආසියාව වාර්තාව යුපුන් තත්පර 10.15කින් සතු කර ගනිද්දී මෙහි ආසියානු වාර්තාව කටාරයේ ෆෙමී ඔගොන්ඩෝ තත්පර 9.91කින් වාර්තා කර ඇති අතර, ලෝක වාර්තාව තත්පර 9.58කින් ජැමෙයිකාවේ උසේන් බෝල්ට් හිමි කර ගෙන සිටී.

    - Advertisement -

    මෙයට පෙර ජර්මනියේ ඩයාසු නුවර පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු මීටර් 100 ඉසවුවේ වාර්තා තත්පර 10.16කින් අලුත් කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

    වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ආදි‍ ශිෂ්‍යයකු වන යුපුන් විසින් එලෙස බිඳ හෙළනු ලැබූවේ හිමාෂ ඒෂාන් තත්ත්පර 10.22කින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවය.

    මෙලෙස දස්කම් අතරට පිවිසි යුපුන්ගේ මුල් පුහුණුකරු ජෝසප් වාස් විද්‍යාලයේ හිටපු මලල ක්‍රීඩා උපදේශක ප්‍රවීණ මලල ක්‍රී‍ඩා පුහුණුකරු නාලක ප්‍රසන්න මහතාය. 26 හැවිරිදි යුපුන් අබේකෝන් වසර 2015දී කොරියාවේ පැවැති ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 සහාය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දිමට එක් වූ සාමාජිකයෙකි.

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.