24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    සෙලින්කෝ ලයිෆ් පරි­සර හිත­කාමී ශාඛා­වක් ජා-ඇලට

    - Advertisement -
    15 මැයි, 2021

    සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය අඛණ්ඩව අවම කිරීම සඳහා සිදුකරන ආයෝජනයන් ඉදිරියට රැගෙන යමින් ජා-ඇල ප්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල තබන ලදී. මෙම නව ශාඛාව පාරිභෝගිකයන්ගේ සහ සමාගමේ සේවකයන්ගේ අත්දැකීම් ඉහළ නංවන ආකාරයේ පහසුකම් සහිතව ගොඩනඟන බව සමාගම පවසයි.

    අංක 26, අධිවේගී ප්‍රවේශ මාර්ගය, ජා-ඇල ලිපිනයේ ඉදිකෙරෙන තට්ටු තුනකින් යුක්ත මෙම ගොඩනැගිල්ල සඳහා සම්පූර්ණයෙන්ම බලශක්තිය සූර්ය විදුලිබලයෙන් ලබාගනු ඇත.

    - Advertisement -

    වර්ග අඩි 9,870 ක ඉඩ ප්‍රමාණයක් ලබා දෙන මෙම ගොඩනැගිල්ල සමාගමට අයත් ඉඩමක ඉදිකරන අතර මෙමඟින් ජා-ඇල ප්‍රදේශයට සමාගම විසින් ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් වනබව සමාගම සඳහන් කරයි.

    මෙම ගොඩනැගිල්ල සඳහා සම්පූර්ණයෙන්ම සූර්ය විදුලි බලය ලබාගන්නා නිසා ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීමක් සිදු නොකරනු ඇත.

    මෙම ගොඩනැගිල්ලේ වැසි ජලය රැස්කරන වෙනමම පහසුකමක් ගොඩනගන අතර වැසිකිළි වලට වතුර සහ ගෙවත්ත සඳහා ජලය ගැනීමට අපජලය පිරිපහදු කිරීමේ පහසුකමක්ද මෙම ගොඩනැගිල්ලේ ගොඩනඟන බව සමාගම පවසයි.

    - Advertisement -

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.