24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    Seylan බැංකුව සහ Mintpay සහ­යෝ­ගී­තා­ව සමඟ buy now, pay later පහ­සු­කම

    - Advertisement -
    15 මැයි, 2021

    සෙලාන් බැංකුව හා Mintpay අතර ඇතිකර ගත් පෙරළිකාරී සහයෝගීතාවය නිසා පාරිභෝගිකයන්ට අතේ මුදල් නොමැතිව වුවත් Buy Now, Pay Later (මිලදී ගැනීම, පසු ගෙවීම) විසඳුම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් හෝ ‍සේවාවක් මිලදී ගැනීමට හැකියාව ලැබී තිබේ. Mintpay AI ගෙවීම් ක්‍රමවේදය මඟින් සවිබලගැන්වූ ව්‍යාපාරික ආයතන වෙතින් සිදුකරන මිලදී ගැනීම් වලදී මෙම පහසුව අත්විඳීමට දැන් සෙලාන් ගනුදෙනුකරුවන්ට හැකියාව ඇත.

    බොහෝ මූල්‍ය සේවා සැපයුම්කරුවන් වාරික පදනම් කරගත් ගෙවීම් ක්‍රමෝපායන් භාවිතා කරන අතර, වෙළෙඳ ස්ථානයන් වෙත පිවිසෙමින් සිය ගනුදෙනුව වාරික ගෙවීම් සැලසුමක් යටතේ සිදුකිරීමට හැකියාව තිබේද හෝ මුල්‍ය සේවා ආයතනය අමතමින් අදාළ ගනුදෙනුව වාරික ගෙවීම් සැලසුමකට හරවාගත හැකිදැයි විමසීමට පාරිභෝගිකයාට සිදුවේ. නමුත් Mintpay ගෙවීම් ක්‍රමෝපාය විසින් මෙම දුෂ්කරතාවයන් මගහරවන අතර එම අවශ්‍යතා සියල්ල ස්වයංක්‍රීය ක්‍රියාවලියක් මඟින් පාලනය කෙරේ. සෙලාන් බැංකුව හා Mintpay අතර ගිවිසුම මඟින් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සිදුකරන බොහෝ ලාංකිකයන් පිරිසකට වටිනා අවස්ථා රැසක් නිර්මාණය කරයි. Mintpay ගෙවීම් ක්‍රමෝපායෙහි තාක්ෂණික සංවර්ධනයන් Algoredge (PVT) LTD විසින් සිදුකර තිබෙන අතර, අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සිදුකරන වෙළෙඳ ආයතන හා පාරිභෝගිකයන් යන දෙපාර්ශ­්වයටම මෙය නැවුම් අත්දැකීමකි. Mintpay සේවාව භාවිතය සඳහා එහි ලියාපදිංචි වී සිටින ඕනෑම අන්තර්ජාල වෙළෙඳසැලක් වෙතින් තම මිලදී ගැනීමේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට හැකියාව ඇති අතර, ඒ සඳහා තමන් Mintpay ලියාපදිංචි වී සිටින ගිණුම ඔස්සේ එය පරීක්ෂා කිරීමට හැකියාව ඇත. මිලදී ගැනීම් සිදුකරන විට එය ස්වයංක්‍රීයව වාරික සැලසුමකට පරිවර්තනය වේ.

    - Advertisement -

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.