24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    වකුගඩු රෝගින් රැපිට් ඇන්ටිජන් පරික්ෂණය කඩිනමින්

    - Advertisement -
    දිවයින පුරා සංචරණ සීමා පනවා තිබියදී කොවිඩ් මර්ධනය සඳහා රජය විසින් ලබා දී ඇති උපදෙස් අනුව පසුගිය (14) දින ද මැදවච්චිය නගරයේ හමු වූ කොවිඩ් ආසාදිතයිනගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස හදුනා ගත් වකුගඩු රෝගීන් පිරිසකගේ රැපිට් ඇන්ටිජන් පරික්ෂණ 30 ක් සිදු කළ බවත් මැදවච්චිය නගරයේ මේ වන විට හදුනාගෙන ඇති ආසාදිතයින් මුලු ගණන 54 දක්වා ඉහල ගොස් ඇති බවත් මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
     
    ඒ අනුව මේ වන විට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගත් පවුල් 72 ක පුද්ගලයින් 291 ක් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් නිවස් තුළ ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
     
    මැදවච්චිය රෝහලේ, වකුගඩු රෝග ඒකකයේ සේවය කළ ප්‍රධාන වෛද්‍ය වරයා ප්‍රතිකාර කළ පුද්ගලයින්ගෙන් ආශ්‍රිතයින් ලෙස හදුනාගත් වකුගඩු රෝගීන් පිරිසකට මැදවච්චිය ප්‍රාදේශීය රෝහලේදී මෙලස රැපිට් ඇන්ටිජන් පරික්ෂණ මැදවච්චිය  මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සිදු කළේය.
     
    මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පසුගිය(12) දා  දිනද මැදවච්චිය නගරයෙන් නව ආසාදිතයින් 03 දෙනෙකු හදුනා ගෙන තිබුණී.  මැදවච්චිය රෝහල් පරිශ්‍රයෙන් , සයඹලා ගස් වැව සහ මැකිච්චාව යන ප්‍රදේශ වලින් මෙම නව ආසාදිතයින් හමු වූ බව මැදවච්චිය  මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් ප්‍රකාශ කළේය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.