24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    සෙරීනාගේ ටෝකියෝ ගමන අවිනිශ්චිතයි

    - Advertisement -

    පස්වැනි වරටත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සමත්වූවත් ක්‍රීඩා උලෙළට සහභාගි වීමට ටෝකියෝ නුවර බලා යෑම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

    ලෝක ටෙනිස් තරග බිමේ ප්‍රධානතම ශුරතා වන ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන 23ක් දිනා සිටින මේ ක්‍රීඩිකාව කාන්තා ඒකල හා යුගල තරග ඉසව්වලදී දිනා ඇති ඔලිම්පික් පදක්කම් ගණන 4කි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබූ දෙවැනි අමෙරිකානු ටෙනිස් ක්‍රීඩිකාව ඇය වන අතර, ඊට පෙර සොෆියා කෙනින් සුදුසුකම් ලබා ගත්තාය.

    - Advertisement -

    ලබන මස ප්‍රංශයේ පැවැත්වෙන විවෘත ටෙනිස් ශූරතාවලියෙන් පසු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමේ අවස්ථාව ලැබෙන ලෝක ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ (WTA) ශ්‍රේණිගත කිරීම්වලට අනුව සිවුවැනි තැන පසුවන සෙරීනා ටෝකියෝ ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින්නේ එරට කොවිඩ් වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසි හේතුවෙනි.

    කොවිඩ් වසංගතය හේතුවෙන් විශේෂ අවසරය මත පමණක් ජපානයට ඇතුළුවීමට අවසර ලැබෙන රටවල් 152ක් නම් කර ඇති අතර, අමෙරිකාව ද ඒ අතර සිටී. එබැවින් ඔලිම්පික් උලෙළ නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරුණු විට අන් කිසිදු පුද්ගලයකුට ජපානයට ඇතුළුවීමට රටවල් 152ක සෙසු පුරවැසියන්ට අවසර නොලැබේ. ටෝකියෝ බලා පැමිණෙන විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ජපානයේදී දැඩි සෞඛ්‍ය පරීක්ෂණ ගණනාවකට පෙනී සිටිය යුතුව තිබේ.

    මෙවැනි පසුබිමකදී සෙරීනාගේ ටෝකියෝ ගමන අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටී ඇත්තේ ඇයට සිය දියණිය වන 3 හැවිරිදි ඔලිම්පියා රැගෙන යෑමට අවසර නොලැබීම හේතුවෙනි.

    - Advertisement -

    ‘මම පැය විසිහතරක්වත් දුවගෙන් ඈත්වෙලා ඉඳලා නෑ. ඒ නිසා මට තනිවම ටෝකියෝ යෑමට සිදුවීම ගැන දෙවරක් හිතන්න සිද්ධ වෙනවා.‘ ඇය පසුගියදා එසේ ප්‍රකාශ කළාය.

    ‘මගේ දුව නැතිව මට ලෝකේ කොහේවත් ටෙනිස් ගහන්න යන්න බෑ. ඒක මට කම්පනයක් ඇති කරන සිදුවීමක් වේවි. අපි හැමදාම දුව එක්ක ඉන්නේ. කොහොම වුණත් අන්තිම මොහොත දක්වාම මම බලාපොරොත්තු වෙන්නේ මගේ සැමියාට හා දුවට මා එක්ක ටෝකියෝ යන්න අවසර ලැබේවි කියලයි. දුව නැතිව මට කවදාවත් ටෙනිස් පිටියේ දස්කම් දක්වන්න ලැබෙන එකක් නෑ‘ සෙරීනා වැඩි දුරටත් එසේ ප්‍රකාශ කළාය.

    39 හැවිරිදි සෙරීනා විලියම්ස්ට මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේ නම් එය වාර්තාපොතට එක්වනු ඇත්තේ මාටිනා නව්රතිලෝවාගෙන් පසු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කළ වයස්ගතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙසිනි. මීට පෙර ටෙනිස් පිටියේ සුපිරි තරුවක් වූ මාටිනා නව්රතිලෝවා අවසන් වරට 2004දී ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ට ක්‍රීඩා කරද්දී 47 හැවිරිදි වියෙහි පසුවූවාය.

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.