24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ආපදාවට ලක් වූවන්ට සහන දෙන්න කෝටි 3.4ක මූලික ප්‍රතිපාදන – අමාත්‍ය චමල් රාජපක්ෂ

    - Advertisement -
    Author(s): 
    ස්වර්ණා විජේකෝන්
    සන්ධ්‍යා කරුණාරත්න

    පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික් 10ක් සඳහා මිලියන 34ක මූලික ප්‍රතිපාදන දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත ලබා දී ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

    මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක, ප්‍රාදේශීය සභා 86ක පුද්ගලයන් 5 දෙනකු මියගිය බවත් තිදෙනකු තුවාල ලැබූ බවට හා පවුල් 15,936ක පුදගලයන් 63,192ක් පීඩාවට පත් වූ බවත්, පූර්ණ හා අර්ධ නිවාස හානි 2011 ඇති බවද අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වාර්තා කොට ඇති බවද ඇමැතිවරයා පැවසීය.

    - Advertisement -

    ඇමැති චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (18) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති චමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

    ගිනිකොන දිග හා නැඟෙනහිර මධ්‍යම මුහුද ආශ්‍රිතව ඇති වූ ටවුටේ හේතුවෙන් ඇති වූ ආපදා තත්වය පිළිබඳවත්, එමගින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය ගත්ත ක්‍රියාමාර්ග හා වියදම් පිළිබඳවත් දැනුවත් කිරීම මගේ වගකීමක්.

    - Advertisement -

    පසුගිය 12-16 යන කිහිපය තුළ රටේ නිරිත දිග කොටසේ පුත්තලම, ගම්පහ, කොළඹ, කෑගල්ල, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක, ගැන වතුර සහ නාය යෑම් තත්වයන් විය.

    අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන යුහුසුළුව ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඒ නිසා කල් වෙලා ඇතුව අවශ්‍ය වැඩකටයුතු කරන්න හැකියාව ලැබුණා.

    මේ ආපදා තත්වයෙන් දිස්ත්‍රික්ක 10ක, ප්‍රාදේශීය සභා 86ක පුදගලයන් 5 දෙනකු මිය ගිය බවද

    - Advertisement -

    3 දෙනකු තුවාල ලැබූ බවද, පවුල් 15,936ක පුදගලයන් 63,192ක් පීඩාවට පත් වූ බවද, පූර්ණ හා අර්ධ නිවාස හානි 2011 ඇති බවද අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වාර්තා කොට ඇත.

    බලපෑමට ලක් වූ පුදගලයන්ගෙන් පවුල් 304කට අයත් පුද්ගලයන් 1247ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 25ක ග්‍රාම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අනුව කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂිතව රැඳවීමට අවශ්‍ය සියලු මූලික පහසුකම් ලබා දීමට කටයුතු කොට තිබෙනවා. පීඩාවට පත් වූ දිස්ත්‍රික්ක 10ක් සඳහා මිලියන 34 මූලික ප්‍රතිපාදන දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත ලබා දී තිබෙනවා.

    අපාදා තත්ත්වය අවම කිරීම සඳහා අවශ්‍ය අමාත්‍යාංශ සහා ආයතන සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.