24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කොවිඩ් වසංගතය මැද ටවුටේ සුළි කුණාටුවත් ඉන්දියාව වනසයි

    - Advertisement -

    පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අතුරුදන් : 24ක් මරුට

    කොවිඩ් රැල්ලට යට වූ ඉන්දියාව තවත් පීඩනයකට ඇද දමමින් බටහිර මුහුදු තීරයෙන් ඇතුළු වූ ටවුටේ සුළි කුණාටුව දැඩි බලපෑම් එල්ල කරමින් තිබෙන බව වාර්තා වේ. අරාබි මුහුදේ වර්ධනය වූ මේ සුළි කුණාටුව මීට දින කිහිපයකට පෙර උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ ද කාලගුණ විපර්යාසයක් ඇති කිරීමෙන් පසුව පෙරේදා පැයට කිලෝමීටර් 130කට වැඩි වේගයකින් බටහිර දිශාවෙන් ඉන්දියාවට ඇතුළු විය.

    - Advertisement -

    කේරල, කර්නාටක, ගෝවේ සහ මහාරාස්ට්‍ර ප්‍රාන්තවලට දැඩි බලපෑමක් එල්ල කරමින් ගුජරාටි ප්‍රාන්තයට දැඩි හානියක් සිදු කර ඇතැයි ඉන්දීය පුවත් වාර්තා කළේය. ගුජරාටි ප්‍රාන්තයේ පළාත් ගණනාවකින් නාය යෑමේ සිදුවීම් වාර්තා වේ.

    මේ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ අධික වර්ෂාවත්, ගංවතුර තත්ත්වයත් නිසා ඊයේ වනවිට පුද්ගලයන් 24 දෙනකුට ජීවිත අහිමි වී ඇති අතර, තවත් පුද්ගලයන් 100කට අධික පිරිසක් අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.

    ගුජරාටි ප්‍රාන්තයේ වෙරළබඩ පළාතේ දහස් සංඛ්‍යාත ජනතාවක් විපතට පත් වී ඇති අතර, දැවැන්ත ගස් ඇද වැටීම නිසා විදුලි බලය ද විසන්ධි වී ඇත.

    - Advertisement -

    මුම්බායි වෙරළ තීරයේ මීටර් අටකට ඉහළින් නැගුණු විශාල ජල කඳ ධීවර බෝට්ටු රැසක් මුහුදුබත් කර ඇති අතර, එම බෝට්ටුවල සිටි ධීවරයන් 273 දෙනකු අතරින් 96 දෙනකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. ඉන්දීය නාවික හමුදාව මේ වන විට අතුරුදන් වූ ධීවරයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

    විපතට පත් වූවන් 200කට ආසන්න සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකි වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය ඊයේ නිවේදනය කළේය.

    ටවුටේ සුළි කුණාටුව හේතුවෙන් නිවාස 16,500ක් විනාශ වී ඇතැයි ද, දැවැන්ත ගස් 40,000කට අධික සංඛ්‍යාවක් බිම ඇද වැටී ඇතැයිද වාර්තා වේ. එමෙන්ම වෙරළ ආශ්‍රිත ගම්මාන 2,400කට මේ වන විට විදුලි බලය බිඳ වැටී ඇති අතර, ජංගම දුරකතන කුලුනු 50කට පමණ හානි සිදුවීම නිසා ඇතිවූ සන්නිවේදන බිඳ වැටීමෙන් ආපදා කළමනාකරණ මෙහෙයුම් සිදු කිරීමේ දුෂ්කරතා පැන නැගී තිබේ.

    - Advertisement -

    සුළි කුණාටුවේ බලපෑම් නිසා ගුජරාටි වෙරළට කිලෝමීටර් 5ක් ඇතුළත පිහිටි සියලු රෝහල්වලින් කොවිඩ් රෝගීන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.