24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කෝවිඩ් වසංගතය තිබුණත් අණ පනත් සම්මත කරගන්න ආණ්ඩුව පාර්ලිමේන්තුව කැඳවලා – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

    - Advertisement -

    කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමිය යුතුව තිබුණ ද වෙනම නීති සැකසිය හැකි, වෙනම බදු අයකළ හැකි, විදේශිකයන්ට අයත් ඊළාම් රාජ්‍යයක් බිහිකර ගැනීමට අවශ්‍ය අණ පණත් සම්මත කරගැනීමට ආණ්ඩුව පාර්ලිමේන්තුව කැඳවා තිබෙන බව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ලෝක බලවතුන්ගේ ගැටුමට ශ්‍රී ලංකාව මැදිහත්වෙන ආකාරයට, විදේශීය ගුවන්යානා කටයුතුවලට, විදේශීය නාවුක කටයුතුවලට, විදේශීය ධන කුවේරයන්ගේ සල්ලි තැන්පත් කරන ස්ථානයක් බවට, විදේශිකයන්ට අයත් කොලණියක් ලෙස වරාය නගරය රට තුල නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, එලෙස වුවහොත් අනිවාර්යෙන්ම අනෙකුත් ලෝක බලවතුන් ඊට වඩාත් නරක ආකාරයට ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    - Advertisement -

    චම්පික රණවක මහතා මේ අදහස් පළකර සිටියේ යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් බොරැල්ල රණවිරු ස්මාරකය අසළ සංවිධානය කර තිබූ වැඩසටහනට ඊයේ (18) එක්වෙමිනි.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.