24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    රාජ්‍ය නිලධාරිනියකට පහරදීම මන්ත්‍රිනි එරන්දිකාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    - Advertisement -
    Author(s): 
    මහින්ද අලුත්ගෙදර

    රාජ්‍ය නිලධාරිනියකට පහරදීමේ සිද්ධියට අදාළව උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිනි එරන්දිකා කුමාරි මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

    ඇයගේ විනය විරෝධි හැසිරීම සම්බන්ධයෙන් මෙම තීරණය ගනු ලැබූ බවත් ඉදිරියේදී අදාළ සිදුවීම ගැන විමර්ශනයක් පවත්වා තීරණයකට එළැඹෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

    - Advertisement -

    මේ සම්බන්ධයෙන් ඇයට ලිඛිතව දැනුම් දීමට පක්ෂය කටයුතු කර තිබේ.

    2018 පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ උකුවෙල ප්‍රාදේශීය සභාව සඳහා තරග කොට මන්ත්‍රිවරියක් වශයෙන් තේරී පත්වූ ඒ මහත්මිය පසුගිය 16 දා උකුවෙල ප්‍රාදේශීය සභා බල සීමාව තුළ සිදුකරනු ලැබූ කොවිඩ් වසංගත තත්ත්වය මත පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා සිදුකළ රජයේ වැඩපිළිවෙළක් අතරතුර රජයේ නිලධාරීවරියකට පහර දී ඇති බවට පක්ෂය වෙත කරුණු වාර්තා වී තිබේ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.