24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    වාහන ගෙන්වන්න LC විවෘත කර අවසන්…නොගෙනාවොත් ලංකා බැංකුව Black List.

    - Advertisement -

    සුඛෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන 399ක් ගෙන්වීමට වූ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අත්හිටුවූවද එම වාහන ගෙන්වීම සඳහා වූ ණයවර පත් ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  සඳහන් කළේය.

    එවන් තත්ත්වයකදී එම වාහන තොගය ගෙන්වූයේ නැත්නම් ණයවර පත් විවෘත කරන ලද ලංකා බැංකුව අසාදු ලේඛණගත වීමේ අවදානමක් ඇතැයි  පවසයි. ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවක දීය.

    - Advertisement -

    මේ සම්බන්ධයෙන් ලංකා බැංකු සභාපතිවරයාගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කර ඇත්තේ ණුදෙනුකරුවන්ගේ තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමේ තම බැංකු පිළිවෙත අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්විය නොහැකි බවයි.

    The post වාහන ගෙන්වන්න LC විවෘත කර අවසන්…නොගෙනාවොත් ලංකා බැංකුව Black List. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.