24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ප්‍රේමයට ෆ්‍රේම් එකක් ඕන ද?

    - Advertisement -

    සමාජජාලා අවකාශයේ කරක්ගහනකොට මේ විදියේ ලිපියක් ලිවිය යුතුයි කියන අදහස මතු විය. ප්‍රේමය යනු කුමක් ද? එම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දිය හැකි පුද්ගලයකු මේ ලෝ තලයේ නැති තරම්. මන් ද ප්‍රේමය යනු පුද්ගලයාට අනුව සාපේක්ෂ වන දෙයක් බැවිනි. ඒ සඳහා පුද්ගලයකුගේ පවුල් පරිසරය ඔහු හෝ ඇය හැදී වැඩෙනා සමාජ අවකාශය ඔහුගේ හෝ ඇයගෙ සිතුම් පැතුම් සඳහා අඩු වැඩි වශයෙන් බලපෑම් කරයි.

    ප්‍රේමය යනු මෙය යැයි යනුවෙන් විවිධ අයගේ අර්ථකථනයන් සහිත ලියැවිලි බොහොමයක් කියවා තිබුණ ද ඒවායෙන් බහුතරය ඉතා රොමෑන්තික් ලියවිලිය. තවත් සමහරු තරු පහේ හෝටල්වලට ගොස් ප්‍රේමය විඳිමින් ඒවායේ දර්ශන සමාජජාලා අවකාශයට නිදහස් කරයි. තවත් පිරිසක් සුන්දර ස්වාභාවික ස්ථානවල සංචාරය කරමින් එම ස්ථානවල සිට ප්‍රේමය විඳිමින් එම දර්ශනයන් සමාජජාලා අවකාශයට නිදහස් කරයි. මේ කිසිවක් අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. එවැනි අයිතියක් අපිට නැත. මන්ද ප්‍රේමය හෝ ජීවිතය විඳින ආකාරය තීරණය කිරීම පුද්ගලික රුචි අරුචිකම් මත තීරණය වන්නකි.

    - Advertisement -

    නමුත් මෙහි භයානක පැතිකඩක් ඇති බව අප තේරුම්ගත යුතුමය. අප ඉහත සඳහන් කරන ලද අදහස් හා ඡායාරූප නෙත ගැටෙන බොහෝ තරුණ තරුණියන් ජීවිතය හෝ ප්‍රේමය වින්දනය කිරීම එය යැයි සිතා සිය මනස තුළ ෆැන්ටසි ආකෘති නිර්මාණය කර ගනී. මෙවැනි අදහස් හා ඡායාරූප සමඟ තම ප්‍රේමය සංසන්දනය කරන බහුතරය තමන් ප්‍රේම කරන ආකාරය අවතක්සේරු කර ගනිමින් හීනමාන මානසිකත්වයක් ඇති කර ගන්නා අවස්ථා අප ඕනෑතරම් දැක ඇත. සමාජජාලා හෝ අනෙකුත් මාධ්‍යයන් ප්‍රේමය ගැන මවන ආකෘතීන් තමන්ගේ ෆැන්ටසි ජීවිතය කරගත් මිනිසුන් එම ජීවිතය යථාර්ථය තුළ යථාර්ථයක් කරගත නොහැකිව මානසික අවපීඩනයට මුහුණදුන් අවස්ථා ද නැතුවා නොවේ.

    ප්‍රේමය හා ජීවිතය මෙසේ විය යුතු යැයි බාහිර සමාජයේ සීමිත පිරිසක් විවිධ ආකෘති නිර්මාණය කර ඒවාට ඉහළ වටිනාකමක් නිර්මාණය කරනු ලබයි. මේ ආකෘතිය මත සිය ෆැන්ටසි නිර්මාණය කරගන්නා බොහෝ දෙනා තමා නොවී වෙන කෙනකු වන්නට උත්සහා දරන බව ඔවුන්වත් නොදන්නවා විය හැකිය.

    තම තමන්ගේ රුචි අරුචිකම් මත අන් අය නිර්මාණය කරගන්නා ජීවන ආකෘති අපි අපේ ජීවන ආකෘතිය කරගත යුතු නැත. ජීවත් විය යුතු සම්මත ආකෘතිය මෙය යැයි ප්‍රේම කළ යුතු සම්මත ආකෘතිය මෙය යැයි කිසිවකුට කිව නොහැක. එය සාපේක්ෂය.

    - Advertisement -

    මාරි කියුරි සහ ඔහුගේ පෙම්වතා අතර ප්‍රේමය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් දෙදෙනා අතර රසායනික නළ හුවමාරු වූ බව සඳහන්ය. එය සාමාන්‍ය පෙම්වතුන් පෙම්වතියන් ආදරය ප්‍රකාශ කිරීමට හුවමාරු කරගන්නා ද්‍රව්‍යවලට වඩා වෙනස් බව සැබෑය. නමුත් එය අපිට ප්‍රතික්ෂේප කළ හැකි ද? ඒ ඔවුන් දෙදෙනා පුද්ගලික රුචි අරුචිකම් මත ප්‍රේමය ප්‍රකාශ කරන ආකාරය නොවන්නේ ද? ආදරය ප්‍රකාශ කළ යුත්තේ මෙසේ ය, ආදරය කළ යුත්තේ මෙසේ ය යනුවෙන් නිශ්චිත ආකෘතියක් ඉදිරිපත් කළ හැකිද?

    ඔබ ප්‍රේම කරන ආකාරය හෝ ජීවත් වන ආකාරය ඔබේ අභිමතාර්ථ ඔබේ සිතුම් පැතුම් සමඟ නිරන්තරයෙන් බැඳී පවතී. ඔබේ ඇතුලාන්තයෙන්ම එන ජීවන ආකෘතිය තුළ ජීවත් වීමට උත්සාහ දරන්න. එම ආකෘතිය තුළ ප්‍රේම කරන්න. ඔබේ ජීවන විලාසය ඔබේ ජීවන ආකෘතිය පැමිණිය යුත්තේ ඔබ තුළින්මය. අනුන්ගේ ජීවන විලාසයන් කුලියට නොගන්න. අන් අයගේ ජීවන විලාසයන් අනුකරණයට යෑමෙන් ඔබට ඔබ අහිමි විය හැකිය. සැබැවින්ම එය භයානකය.

     

    - Advertisement -

    අශාන් ජයසිංහ

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.