24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කෘමීන් මඬින්න ආලෝක උගුලක්

    - Advertisement -

    ආරක්ෂිත ගෘහ තක්කාලි වගාව ඇතුළු භෝග වගාවන්ට හානි කරන කෘමි උවදුර සාර්ථකව පාලනය කළ හැකි ආලෝක උගුලක් නිෂ්පාදනය කිරීමට සමත් වු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරවෙල පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කීඨ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කේ.පි. සෝමචන්ද්‍ර මහතා පවසයි

    අද වන විට එළවළු වගාකරුවන් පමණක් නොව වෙනත් පිරිසුදු, ආරක්ෂිත ගෘහ වගාවන්ට නැඹුරු වී පිරිසක් සිටිති. එයට හේතුව වන්නේ වගාවන්ට සෑදෙන රෝග සහ පළිබෝධ හානි අවම වීම සහ ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකි විම නිසාය. එහෙත් පසුගිය වසරේ සිට අධික උණුසුම් දේශගුණය පවතින සමයේ විශේෂයෙන් තක්කාලි වගාව කෘමි උවදුරට ලක් වීම ගොවියන් මුහුණ දුන් බරපතළ ගැටලුවකි. විවෘත භුමියක නම් පරිසරය වාතය ගලා යෑමත් සමඟ යම් උණුසුම් තත්ත්වයක් පවතී. එහෙත් ආවරණ සහිත විම නිසා හරිතාගාර අභ්‍යන්තරයේ වාතයේ උණුසුම ඉහළ මට්ටමක් ගනී. එනිසා වගාවන් පළිබෝධ හානිවලට ලක් වුව හොත් එය පාලනය කිරීම බරපතළ ගැටලුවක් බවට පත් වේ. වගාකරුවන් තම වගාව තුළට කෘමින් පැමිණීම වළක්වා ගැනීමට උපරිම ආරක්ෂිත පියවර ගත යුතුය. හරිතාගාර භෝග වගාවට වරින් වර විවිධ කෘමින්ගේ හානි ඇති වේ. එයට හේතුව නම් හරිතාගර ආවරණ සිදුරු ඇති වි ඒ හරහා කෘමින් ඇතූළු වීම හා වගාකරුවන්ගේ සිරුරේ තැවරී කෘමින් වගාවට සංක්‍රමණය විමට හැකියාව පැවතීමයි.

    - Advertisement -

    මෙම කෘමියා තක්කාලි ගෙඩියේ මනි පත්‍රය හරහා ඇතුළු වී තක්කාලි ගෙඩිය විනාශ කරනු ලබයි. මෙම හානිය නොදැන අපනයනය කළ විට තක්කාලි පිටරට දී ප්‍රතික්ෂේප කිරීම සිදු වේ. මේ නිසා විදෙස් වෙළෙඳපොළේදී මෙරට තක්කාලි ඉල්ලුම අඩු වේ. මෙය අප රටට ද යහපත් නොවේ.

    - Advertisement -

    තක්කාලි වගාවට පත්‍ර හා ගෙඩි කනින්නා යන කෘමියා විසින් දැඩි හානියක් සිදු කරන බව ද අනාවරණය විය. ඒ අනුව විවිධ කෘෂිකාර්මික ආයතනවල ද සහය ඇතිව බණ්ඩාරවෙල පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කීඨ අංශය විසින් සුදු අලෝකය සහිත සී.එෆ්.එල්. වොට්ස් 08ට වැඩි විදුලි බුබුලු යොදාගෙන සාර්ථක ආලෝක උගුලක් නිෂ්පාදනය කර තිබේ. රාත්‍රී කාලයේ දල්වන මෙම ආලෝක උගුලට මෙම කෘමින් 250 සිට 2000 පමණ හසුකර ගත හැකිය. වර්ග අඩි 1000ක පමණ එළවළු වගාවකට මෙවැනි උගුල් 02ක් සෑහේ. විදේශ කෘමි උගුල්වලට වඩා මෙය ඉහළ ප්‍රතිඵල ගෙන දෙන බව තහවුරු වී ඇතැයි බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්‍ෂ කේ.පී. සෝමචන්ද්‍ර මහතා පවසයි

    කේ.ආර්. ආර්. රාජමන්ත්‍රී

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.