24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කොවිඩ් එන්නත් ලක්ෂ 70ක් සැප්තැම්බර් වන විට මෙරට නිපදවිය හැකියි

    - Advertisement -

    කොවිඩ් මර්දන එන්නත් දේශීයව නිෂ්පාදනය කිරීම මඟින් ලබන සැප්තැම්බර් මාසය වන විට එන්නත් ලක්ෂ 70ක් නිපදවීමේ හැකියාව පවතින බවට අධිකරණ අමාත්‍යාංශයේ ඊයේ (01) පැවති විශේෂ සාකච්ඡාවකදී කරුණු ඉදිරිපත් වී ඇත.

    ආනයනය කරනු ලබන එන්නත් ප්‍රමාණයත් සමඟ දේශීය වශයෙන් නිෂ්පාදිත ඉලක්කය සපුරා ගතහොත් සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නත්කරණය කළ හැකි බවද එහිදී සාකච්ඡා වී තිබේ. මේ අදහස් ඉදිරිපත් වූයේ මෙරට තුළ එන්නත් නිපදවීම සම්බන්ධයෙන් වන්නාවූ නීතිමය තත්ත්වය පිළිබඳ අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවකදීය.

    - Advertisement -

    අදාළ එන්නත් මෙරටදී නිපදවීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා අවශ්‍ය නීතිමය ගිවිසුම් සකස් විය යුතු ආකාරය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ එහිදී අදහස් හුවමාරු වූ බව අධිකරණ අමාත්‍යංශය කියයි.

    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත යන මහත්වරුන් හා නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් එක්ව ඇත.

    රෝෂන් තුෂාර සහ පහන් විජේසේකර

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.