24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    සංචරණ රීති කඩන්නන් පීඩාවට පත් කරන්න එපා – එම්.ඒ.සුමන්තිරන්

    - Advertisement -

    සංචරණ රීති කඩ කරන්නන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ව පීඩාවට පත් කරමින් කටයුතු කිරීම වහාම නතර කිරීමට පියවර ගත යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

    උතුරේ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් 31 දා මේ බව කියා සිටි සුමන්තිරන් මන්ත්‍රීවරයා රජය මේ අවස්ථාවේදී සංචරණ නීති ක්‍රියාත්මක කළ යුතුව ඇතත් ජනතාව ඉන් පීඩාවට පත් නොකළ යුතු බවද කියා සිටියේය.

    - Advertisement -

    අලුතින් සකසා ගත් නීතියක් ඉදිරියට ගෙන ජනතාව මේ අන්දමට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී මෙන්ම සදාචාරයට පටහැනි ක්‍රියාවක් බවත් පොලිසිය හා දේශපාලනඥයන් මේ සංචරණ නීති ක්‍රියාවට නංවන්නේ ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් පමණක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

    කොවිඩ් වසංගතය පාලනය කිරීම රජයේ වගකීම හා යුතුකම වන අතර සංචරණ නීති-රීති පනවන අවස්ථාවලදී ජනතාව පීඩාවට පත් නොකිරීමට වගබලා ගත යුතු බව පවසන සුමන්තිරන් මන්ත්‍රීවරයා රජය මගින් උතුරු පළාතේ වැසියන්ගේ ගම්මානවලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට තවමත් පැහැදිලි වැඩ පිළිවෙළක් දියත් කොට නොමැති පරිසරයක අත්‍යවශ්‍ය යමක් සොයා පාරට බහින සාමාන්‍ය ජනතාවට පොලීසිය හා යුද හමුදාව යොදවා හිරිහැර කිරීමත් පීඩාවට පත් කිරීමත් නොකළ යුතු කාරණාවක් බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.