24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මහ­ජන බැංකුවේ ගනු­දෙ­නු­කාර සේවා සහා­යක තන­තු­රට අය­දු­ම්පත් භාර ගන්නා අව­සන් දිනය ජූනි 21

    - Advertisement -
    5 ජුනි, 2021

    පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචරණ සීමා හේතුකරගෙන, මහජන බැංකුවට ගනුදෙනුකාර සේවා සහායකයින් බඳවා ගැනීමට අදාළව අයදුම්පත් කැඳවීම සඳහා 2021.05.02 දින පළකර තිබූ පුවත්පත් දැන්වීමේ සඳහන්ව තිබූ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021.06.21 දින දක්වා දීර්ඝ කර ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුවේ www.doents.lk වෙබ් අඩවියේ පළකර ඇති අයදුම්පත මාර්ගගත ක්‍රමය (On line) ඔස්සේ 2021.06.21 දින දක්වා ඉදිරිපත් කළ හැකි බව අයදුම්කරුවන් වෙත දන්වා සිටින අතර, අයදුම්පත මාර්ගගතව යොමු කළ පසු එය බාගත කර මුද්‍රිත පිටපතේ අයදුම්කරුගේ අත්සන සහතික කර 2021.06.21 දිනට හෝ ඊට පෙර විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව තැ.පෙ 1503, කොළඹ යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

    - Advertisement -

    එසේ වුවද අදාළ බඳවාගැනීම සඳහා වයස සම්බන්ධ සුදුසුකම සපුරාලීම සලකා බැලීමේ දිනය 2021.06.02 ලෙස තවදුරටත් නොවෙනස්ව පවතී. දැනටමත් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කර ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කර ඇති අයදුම්කරුවන් නැවත අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොවේ.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.