24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මේ බට්ටිච්චිට ආදරේට කියන්නේ ‘වස්තු කැටේ’ කියලා

    - Advertisement -
    ජුනි 10, 2021

    -පහන්දි නෙතාරා- 

    බට්ටිච්චිගේ චරිතයටත් වඩා මිනාගේ චරිතය දැන් වැඩිපුර ජනප්‍රියයි

    - Advertisement -

     

    දෙබස් මතක තියාගන්න අමාරුයි

     

    - Advertisement -

    ලොකු නැන්දලා මාමලාව ගෙනැල්ලා මම ප්‍රශ්න අහනවා

     

     

    - Advertisement -

    ඇය මේ දිනවල ටෙලිවිෂනය නරඹන ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී චරිතයකි. හුරුබුහුටිකමද මුඛරි කටක්ද නොඅඩුව ලද ඇයගේ හුරතලයද ටෙලිතිරය වර්ණවත් කරයි. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි වෘත්තාන්තයේ දුලීකා මාරපනගේ පසුපස දැවටෙමින් නිතර දකින ඒ සිඟිත්තිය ඔබට මතකද? ඇය නමින් පහන්දි නෙතාරා. ඇගේ හුරුබුහුටි පෙනුම මෙන්ම රංගනයට දක්වන දක්ෂතාව නිසා මේ වන විට ඈ ටෙලි නිර්මාණ සහ චිත්‍රපට කීපයකටම පණ පොවා ඇත. එම නිසා පුංචි කතාබහකට අපි ඇයව සම්බන්ධ කරගත්තෙමු. ඇයගේ මට්ටම අනුව ඇසූ ප්‍රශ්න අනුව ඇගේ පිළිතුරු පෙළගස්වා ඇත.

     

    කොහොමද පහන්දි ඔයාට?

    මම හොඳීන් පරිස්සමට ඉන්නවා.

     

    ඔයා ගැන විස්තරයක් කියන්නකෝ?

    මගේ නම පහන්දි නෙතාරා. මගේ වයස අවුරුදු හයයි. මගේ ගම රත්නපුර. මගේ අම්මා තමාලි රනෝජා, තාත්තා රසික චතුරංග. මට අයියා කෙනෙක් ඉන්නවා. එයාගේ වයස අවුරුදු පහළොවයි. මම ඉගෙන ගන්නේ ජේ.එම්.සී. ජාත්‍යන්තර පාසලේ.

     

    “කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

    ඒකේ ඩිරෙක්ටර් ධනුෂ්ක රත්නායක මාමා තමයි මාව ඒ ටෙලිනාට්‍යයට දැම්මේ. මම කලින් ධනුෂ්ක මාමාගේ “දාම්” ටෙලිනාට්‍යයේ බට්ටිච්චාගේ චරිතය කළානේ. ඊටපස්සේ තමයි මිනා (මිනායා) චරිතය එයා මට දුන්නේ. බට්ටිච්චි චරිතයටත් වඩා මිනාගේ චරිතය තමයි දැන් වැඩිපුර ජනප්‍රිය.

     

    පහන්දි රඟපාන්න එන්නේ කොහොමද?

    මම අවුරුදු තුනේ ඉඳලා රඟපාන්නේ. මුලදි වෙළෙඳ දැන්වීම්වල රඟපෑවා. “හේලි” ටෙලිනාට්‍යයේ චූටි චූටි කෑලි ටිකක් කළා.

     

    කොහොමද මිනාට ලැබෙන ප්‍රතිචාර?

    ගොඩක් අය මට නිතරම කෝල් කරනවා.

    ගොඩක් ලස්සනයි කියනවා. අනිත් අයට සතුටු හිතෙන්න තව හොඳට රඟපාන්න කියනවා. කමෙන්ට්ස් දානවා. “අනේ මගේ වස්තුකැටේ” කියලා එයාලා කියනවා. අම්මි මට ඒවා පෙන්නනවා.

     

    ඉස්කෝලේ අය මොකද කියන්නේ?

    ටීචර්ස්ලා හරිම ආසයි මම රඟපානවාට. මම ඩ්‍රාමා එකකට යන්නේ නැති වුණොත් ටීචර්ස්ලා කියනවා “ඩ්‍රාමාවලට යන්න, යන්නේ නැතුව ඉන්න එපා” කියලා. ඉස්කෝලේ යාළුවෝ දැන් මට නම කියලා කතා කරන්නෙත් නැහැ. එයාලා බට්ටිච්චි කියනවා. මිනා කියනවා.

     

    “කියාදෙන්න ආදරේ තරම්” නාට්‍යයේ පහන්දි රඟපාන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නළු නිළියෝ එක්ක. එයාලාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

    එයාලා මට ගොඩක් උදව් කරනවා. එයාලා මම රඟපානවා හොඳයි කියනවා. එයාලා ඔක්කොම මට ආදරෙයි. මාව හුරතල් කරනවා. ඒත් දුලීකා (මාරපන) ආච්චිඅම්මා ටිකක් සැරයි හැබැයි ඈ… ඒ ඩ්‍රාමා එකේ ලොකූට ඉන්න මාමායි දෙවෙනිට ඉන්න මාමායි දෙන්නාම මට ගොඩාක් ආදරෙයි. දිගැසි අක්කාත් මට ගොඩාක් ආදරෙයි.

     

    දෙබස් මතක තියාගන්නේ කොහොමද?

    අන්න ඒක නම් ටිකක් අමාරු වැඩක්. මට කියන්න දිග ඡේද තියෙන්නේ. සමහර වචන කියවෙන්නෙත් නැහැ. ආච්චි අම්මාගේ (දුලීකා මාරපන) පණ්ඩිත වචනනේ කියන්න තියෙන්නේ මට. ඒවා කියන්න අමාරුයි.

     

    පහන්දි චිත්‍රපටිවලත් රඟපෑවා නේද?

    ඔව්. මම චිත්‍රපටි තුනක රඟපෑවා. “ගෝල්” චිත්‍රපටයෙන් තමයි මාව ලංකාවම දැනගත්තේ. ඊට පස්සේ සංජය නිර්මාල් මාමාගේ චිත්‍රපටයක රඟපෑවා. තව හර්ෂ උඩකන්ද මාමාගේ කබඩි එකෙත් රඟපෑවා. දින ප්‍රශ්නය නිසා චිත්‍රපට කීපයකටම ආපු ආරාධනා මඟහැරුණා.

     

    “Talk With  බට්ටිච්චි” කියන්නේ මොකක්ද?

    ඒක යූටියුබ් එකේ මම කරන වැඩසටහනක්. ධනුෂ්ක මාමාගේ “දාම්” ඩ්‍රාමා එකේ මම “බට්ටිච්චි”නේ. ධනුෂ්ක මාමා තමයි ඒක කරන්න කිව්වේ මට. ලොකු නැන්දලා මාමලාව ගෙනැල්ලා මම ප්‍රශ්න අහනවා. ඉස්සරහටත් ඒක කරන්න බලාපොරොත්තු වෙනවා.

     

    ලොකු වෙලා කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?

    මම ආස අපේ ඉස්කෝලේ ඉන්නවා වගේ කොණ්ඩේ දිගට දාලා ලස්සනට සාරි අඳීන ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න.

     

    ඉස්සරහටත් ගොඩක් චරිත රඟපාන්න බලාපොරොත්තු වෙනවද?

    “මානික්කාවත” පොතෙන් ටෙලිනාට්‍යයක් කරනවා කියලා ඒකට කතා කළා. සුදත් රෝහණ මාමා මට කතා කළේ. ඒක කොටස් හතළිහයි. ගුණාදරී කියන අන්ධ ළමයාගේ චරිතය ඒකේ මම කරන්නේ. අම්මි හැම එකකටම යන්න දෙන්නේ නැහැ මට. කොටස් සීයෙන් මෙහා ටෙලිනාට්‍යවලට විතරයි මාව යවන්නේ. අනික මම ඉගෙන ගන්නත් ඕනේ නිසා දිගටම රඟපාන්නෙත් නැහැ. අපේ අම්මි කියන්නේ ඉස්කෝලේ වැඩ ෆස්ට්. ශූටින්ග් සෙකන්ඩ් කියලා.

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.