24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මේ සතියේ අහන්න හොඳම ගී පොකුරක්

    - Advertisement -
    ජුනි 10, 2021

     

    සප්ත ස්වරයට සියලු සිත් සනහාලන්නට පුළුවන්. ඕනෑම පීඩිත අවස්ථාවක වුවත් ප්‍රශ්න ගැටලු අමතක කරන්න පුංචි ගීත ඛණ්ඩයකට පුළුවන්. වසංගත තත්ත්ව මධ්‍යයේ නිවෙසට වී සිටින ඔබට නිවීසැනසිල්ලේ අහන්න, සිත් සුවපත් කළ හැකි ගීත කීපයක් හඳුන්වා දෙන්න අපි තීරණය කළා. මේ ගීත සියල්ලම පාහේ පසුගිය වකවානුවේ එළිදැක්වුණු ගීත වන අතර යූටියුබ් මඟින් ඔබට මේවා රසවිඳීය හැකියි.

    - Advertisement -

     

     

     

    - Advertisement -

    බැති ගී දයාව –

    සංගීත්, සනුක සහ වින්ඩි

     

    - Advertisement -

    වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් බැති ගී කලාකරුවන් අතින් නිමවුණා. ඒ අතරින් සංගීත් වික්‍රමසිංහ සහ සනුක වික්‍රමසිංහ ගීත දහයකින් යුතු ඇල්බමයක් නිර්මාණය කරලා තියෙනවා. එය නමින් “බැති ගී දයාව”. එහි බොදු බැති ගී දහයක් අන්තර්ගත අතර ඒවා මීට වසර හතළිස් පහකට පෙර සංගීත් වික්‍රමසිංහගේ පියා වන දයා වික්‍රමසිංහ විසින් රචනා කොට සංගීතවත් කළ ගීත. සනුක සහ ඔහුගේ පියා වන ගායන ශිල්පී සංගීත් වික්‍රමසිංහ එම ගීත නව මුහුණුවරකින් නිෂ්පාදනය කර තියෙනවා. මේ ඇල්බමයේ ගීත සංගීත්, සනුක පිය පුතු දෙපළ වගේම වින්ඩි ගුණතිලකත් ගායනා කරනවා. පරම ශාන්ත, රාග ද්වේශ, දහම් කමල, අජපාල රුක්මුල, අනියස, මායා දේවිය, සැප නින්දේ, දෙව් බඹුන්, තිලොවට තිලකවූ යන ගීත එහි අන්තර්ගතයි.

     

     

    මතක – කරුණාරත්න දිවුල්ගනේ, අභිෂේකා විමලවීර

     

    නව පරපුරේ කලා ශිල්පිනියක් වන අභිෂේකා විමලවීරගේ ආරාධනාව මත ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ සහ අභිෂේකා විමලවීර විසින් ගායනා කරන “මතක” ගීතය පසුගිය වනවානුවේ රසිකයන් අතර ජනප්‍රිය වුණු ගීතයක්. එහි පදරචනා කර ඇත්තේද අභිෂේකා විමලවීර. තනුව තරිඳු ප්‍රියංකරගෙන්. සංගීත සංයෝජනය කර ඇත්තේ ළහිරු ද කොස්තා. මේ සඳහා අලංකාර රූපරචනාවක් නිමකර තිබුණු අතර ජනප්‍රිය සිනමා නළු හේමාල් රණසිංහ ඒ සඳහා සහභාගී වීම සුවිශේෂයි.

     

    චන්ද්‍රා පායන්න – සශිකා නිසංසලා

     

    සශිකා නිසංසලා කියන්නේ තරුණ පරපුරේ දක්ෂ ජනප්‍රිය ගායිකාවක්. ඇගේ නවතම ගීතය “චන්ද්‍රා පායන්න”. මේ ගීතය තරුණ පරම්පරාව දායක කරගෙන නිමවීම එක් විශේෂත්වයක්. එහි පදමාලාව මනුරංග විජේසේකරගෙන්. ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කළේ දිනේෂ් ගමගේ. ශබ්ද පරිපාලනය අමිත් ගුරු සහ ගයාන් රැන්ඩි පෙරේරාගෙන්. සශිකා නිසංසලා ගයන චන්දා පායන්න ගීතයට නිර්මාණාත්මක රූපරචනාවක් චමිල් පතිරණ නිර්මාණය කර තිබුණා.

     

    රූ සරා – භාතිය – සන්තුෂ්

     

    සංගීත ක්ෂේත්‍රය වෙනත් මානයකට යොමු කළ නව පරපුරේ ගායන ශිල්පීන් දෙදෙනෙකි භාතිය හා සන්තුෂ්. ඔවුන්ගේ නවතම ගීතය නමින් “රූ සරා”. ශෙහාන් ගලහිටියාවගේ මියුරු පදවැල්වලට තනුව සහ සංගීතය නිර්මාණය කර ඇත්තේ නව පරපුරේ සංගීතඥයෙක් වන යසස් මැදගෙදර. “රූ සරා” ගීතය වඩා ආකර්ෂණීය වන්නේ ඒ සඳහා නිර්මාණය වුණු රූපරචනාව නිසා. එය හසින්ත් පතිරණ විසින් අධ්‍යක්ෂණය කර තිබුණා. නිතර දකින රූපරචනාවන්ට වඩා වෙනස් ආකාරයකට අධික පිරිවැයකින් යුතුව එය නිර්මාණය කරලා තියෙනවා.

     

    මැණිකේ මගේ හිතේ

    – සතීෂාන් – දුලාන්

     

    සංගීතය සමඟ විවිධ අත්හදා බැලීම් කරන්නට තරුණ නිර්මාණකරුවන් නිතර පෙළඹෙනවා. ඒ අතරින් සතීෂාන් රත්නායක සහ දුලාන් ඒඅඔ යන තරුණ ගායන ශිල්පීන් දෙපළතැනූ අපූරු නිර්මාණය විශේෂයි. එය නමින් “මැණිකේ මගේ හිතේ”. වේගරිද්ම තාලයට තැනූ මේ ගීතයේ පදරචනා කර ඇත්තේ දුලාන් ඒඅඔ. එහි සංගීතය සහ තනුව චමත් සංගීත්ගෙන්. මේ ගීතයට හසිත් ආර්යන් විසින් අලංකාර රූපරචනාවක් කර තිබුණා.

     

     

     

    මනිමේකලා –

    වින්දුල ආටිගල

     

    නවක ගායකයින්ද මේ වකවානුවේ ගීත නිර්මාණ කර තිබීම නව ප්‍රවණතාවක්. ඒ අතර වින්දුල ආටිගල ගායනා කරන “මනිමේඛලා” ගීතය විශේෂයි. එහි සංගීතය සහ තනුව යසස් මැදගෙදරගෙන්.

    පද රචනය කර ඇත්තේ ශෙහාන් ගලහිටියාව. ගිටාර් වාදනයෙන් බුද්ධික පෙරේරා මේ සඳහා දායක වී තියෙනවා. රූපරචනාවක් නිමකර නොමැති වුවද මේ ගීතය සැනසිල්ලේ සවන් දෙන ලෙස ඔබට ආරාධනා කරනවා.

     

    නිවාලන්න මා –

    ධනිත් ශ්‍රී

     

    ගීතයක ගායනය, තනුව සහ පදරචනාව එකම නිර්මාණකරුවෙකුගේ අතින් නිමවෙන්නේ කලාතුරකින්. එවන් නිර්මාණකරුවන් මෙරට සංගීත ක්ෂේත්‍රයේ සිටින්නේද අතළොස්සයි. ඒ අතර නවක ගායන ශිල්පී ධනිත් ශ්‍රී සුවිශේෂ කොට දක්වන්න පුළුවන්. ඔහුගේ නවතම ගීතය “නිවාලන්න මා”. ඔහුගේ “ආලෝකවර්ෂ” නම් ගීත ඇල්බමයේ අන්තර්ගත මේ ගීතයේද ගායනය, පදරචනාව සහ තනු නිර්මාණය කර ඇත්තේ ධනිත් ශ්‍රී.

     

     

    රතු එළි –

    උමාරියා සිංහවංශ

     

    සුවිශේෂී දිනයන් උදෙසා ගීත නිර්මාණය වීම මෑතකදී නව ප්‍රවණතාවක් බවට පත්වෙලා. මාර්තු 8 වැනිදාට යෙදෙන ලෝක කාන්තා දිනය නිමිත්තෙන් උමාරියා සිංහවංශ විසින් අර්ථවත් ගීතයක් නිර්මාණය කර තිබුණා. එය නමින් “රතු එළි” කුටුම්බගත ගැහැනිය විසින් විඳින මානසික හිංසා පීඩන මේ සඳහා වස්තුවිෂය වී තියෙනවා. මනුරංග විජේසේකරගේ පදවැල්වලට නිමන්ත කළුආරච්චිගේ සුමධුර තනුවෙන් නිමවුණු මේ ගීතය සඳහා සංගීත සංයෝජනය කර ඇත්තේ විරේෂ් කුරේ විසින්. මේ සඳහා අර්ථවත් රූපරචනාවක් නිම කර තිබුණේ වාසව බදුගේ විසින්.

     

    මගේ නේදෝ –

    ළහිරු පෙරේරා

     

    ලාසිඤ්ඤෝ හෙවත් ළහිරු පෙරේරා කියන්නේ ගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට වෙනස් ගීත නිර්මාණ දායාද කරන ගායන ශිල්පියෙක්. ඔහුගේ නවතම ගීතය “මගේ නේදෝ” නමින් පසුගියදා මුදා හැරියා. එහි පදරචනාව කර ඇත්තේද ළහිරු පෙරේරා විසින්. එහි සංගීතය සහ තනුව ළහිරු පෙරේරා සහ රවිඳු වන්නිආරච්චි නිර්මාණය කර තියෙනවා. ළහිරුගේ ගීත ගොන්න අතර මන්ද්‍ර ස්වර අලංකාර සහිත ගීතවලට මේ ගීතයත් එක් වෙනවා. මේ ගීතය සඳහා වෙනස් ආකාරයේ රූපරචනාවක් නිම කර ඇති අතර එය ළහිරු පෙරේරා විසින්ම අධ්‍යක්ෂණය කිරීමත් සුවිශේෂයි.

     

     

    ඔබමයි ආලෝකේ –

    සුපුන් පෙරේරා

     

    සුපුන් පෙරේරා කියන්නේ මියුරු ගීත ගොන්නකට හිමිකම් කියන ඉතාමත් කෙටි කාලයකින් ජනප්‍රිය වුණු ගායන ශිල්පියෙක්. ඔහුගේ නවතම ගීතය “ඔබමයි ආලෝකේ” නමින් පසුගියදා එළිදැක්වුණා. වේගරිද්ම තාලයට නිමවුණු මෙය සුපුන්ගේ වෙනස් ගායන ශෛලියක් හඳුන්වාදෙන ගීතයක්. මේ ගීතයේ පදරචනාව සහ සංගීත සංයෝජනය කර ඇත්තේ දිල්මින් පෙරේරා විසින්. “ඔබමයි ආලෝකේ” ගීතය සඳහා ප්‍රේමණීය රූපරචනාවක් හසින්ත් පතිරණ විසින් නිම කර තිබුණා.

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.