24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    අමිල අපෝන්සුත් අමෙරිකාවට

    - Advertisement -

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හැර යන ඔහු අනතුරුව අමෙරිකානු ක්‍රිකට් ක්‍රීඩාව හා එක් වීමට නියමිත බව ද වාර්තා වන අතර, අමෙරිකානු ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඇට්ලන්ටා ෆයර් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට ද නියමිතය. එරට දේශීය තරගාවලි නියෝජනය කිරීමෙන් ඔහුට ඉදිරියේදී අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩයාම නියෝජනය කිරීමට ද අවස්ථාව උදා වනු ඇත.

    - Advertisement -

    අන්තර් සමාජ ක්‍රිකට් පිටියේදී රාගම ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඔහු එම කණ්ඩායමේ හිටපු නායකයෙක් ද වේ.

    වසර 2016 අගෝස්තු 21 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී අන්තර්ජාතික එක්දින තරග වරම් දිනාගත් අපෝන්සු ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 9ක් පමණි. එහිදී කඩුලු 10ක් බිඳ හෙලා ඇති ඔහු අවසන් වරට ක්‍රීඩා කළේ 2018 වසරේ එංගලන්ත කණ්ඩායමේ මෙරට සංචාරයේදීය. 2018 වසරේ පෙබරවාරි බංග්ලාදේශයට එරෙහිව ජගත් විස්සයි20 තරග වරම් හිමි කර ගත් අපෝන්සු එම වසරේම එංගලන්තය එරෙහිව මෙරටදී ක්‍රීඩා කළේ අවසන් විස්සයි20 තරගාවලියයි. විස්සයි20 තරග 3කට එක් වූ ඔහු කඩුලු 4ක් දවාගෙන තිබේ. අන්තර්සමාජ පළමු පෙළ පිටියේ තරග 62කදී කඩුලු 273ක් දවාගෙන ඇති ඔහු ඒ කාණ්ඩයේ තරගවලදී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 98කි.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.