24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    අශ්වාරෝහකයන්ගේ රේන්ස් පිටිය යළිත් සුරංජිත්ට

    - Advertisement -

    ශ්‍රී ලංකා අශ්වාරෝහකයන්ගේ සංගමයේ සභාපති ලෙස යළිත් වරක් සුරංජිත් ප්‍රෙමදාස මහතා පත් වෙයි. අශ්වාරෝහකයන්ගේ සංගමයේ නිලවරණය පසුගියදා පැවති අතර, එහිදී සුරංජිත් ප්‍රේමදාස මහතා නිතරගයෙන්ම එම තනතුරට පත් වීම කැපී පෙනිණි. ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් එම තරගය වෙනුවෙන් යොමු කිරීමට ශ්‍රී ලංකා අශ්වාරෝහකයන්ගේ සංගමය සමත්ව සිටින අතර, මතු වූ නීති ගැටලු විසඳා ගැනීමට සුරංජිත් මහතා විශාල මෙහෙවරක නිරත විය. මේ හේතුවෙන් ක්‍රීඩා බේරුම්කාර අධිකරණයේ පැවති නඩුවෙන් ජයග්‍රහණය කොට මැටිල්ඩා කාල්සන් ඔලිම්පික් සුදුසුකම් හිමි කර ගත්තාය. ශ්‍රී ලංකා අශ්වාරෝහකයන්ගේ සංගමයේ ලේකම් ලෙස රශ්මින් ද සිල්වා මහතා තේරී පත් වූ අතර, උප සභාපතිවරුන් ලෙස විරාජ් දිසානායක හා ඉසංගන මහීපාල යන මහත්වරු තේරී පත් වූහ. නියෝජ්‍ය ලේකම් ලෙස තිලෝෂණී දිසානායක මහත්මිය තේරී පත් වූ අතර, භාණ්ඩාරික තනතුර බුද්ධික ගමගේ මහතාට හිමි විය. නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස එලිසබෙත් පෙරේරා මහත්මිය, කමිටු සාමාජිකයන් ලෙස සොයන්යා අසීස් මෙණෙවිය, ඉෂාන් දිමුල්කුඹුර, සම්පත් ජයනාත් හා රවිදු ප්‍රනාන්දු යන මහත්වරු පත් වූහ. ශ්‍රී ලංකා අශ්වාරෝහකයන්ගේ සංගමයේ ඉදිරි නිල කාලය 2025 දක්වා වසර 4ක කාලයකට බල පැවැත්වේ.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.