24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කාශ්මීර සෞඛ්‍ය අංශයට මූල්‍යමය දිරිගැන්වීමක්

    - Advertisement -

    කොවිඩ් වයිරසයට එරෙහිව සටන් වදින සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුවට විශේෂ මූල්‍යමය දිරිගැන්වීමක් සිදු කිරීමට ජම්මු කාශ්මීරයේ ආණ්ඩුකාර මනෝජ් සිංහා අනුමැතිය දී තිබේ. කොවිඩ් වසංගතයෙන් සිය ප්‍රාන්තයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් මාහැඟි සේවයක නිරතව සිටින බව ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ. කොවිඩ් වසංගතයට සෘජුව මුහුණ දෙන ඉදිරිපෙළ සේවක සේවිකාවන් වෙනුවෙන් මේ මූල්‍යමය දිරිගැන්විම සිදු කෙරේ. නේවාසික වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරින්, පරිපූරක වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය, රියැදුරන් සහ සිවුවැනි පංතියේ රැකියාවේ නිරතවූවන් ඇතුළු 17,000කට වැඩි ප්‍රමාණයකට මූල්‍යමය දිරිගැන්වීම් සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

    මාස තුනක කාලසීමාවක් සඳහා මාසිකව ගෙවීමට තීරණය වී ඇති මූල්‍යමය දිරිගැන්වීම් පසුගිය මැයි මාසයේ සිට ගෙවීමට පියවර ගෙන ඇත.

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.