24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ගහෙන් වැටී කොවිඩ් ඇනපු හැට වියැති රෝගියාට මහනුවරින් සාර්ථක සුෂුම්නා සැත්කමක්

    - Advertisement -

    ගසකින් ඇද වැටී සුෂුම්නාවට බරපතළ හානි සිදුව තිබූ කොවිඩ් ආසාදිත හැට හැවිරිදි පුද්ගලයකුගේ ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළ බැස සිහි නැති කිරීමට නොහැකි මට්ටමේ දැඩි අවදානමක් තිබියදී සාර්ථකව අදාළ පුද්ගලයාට සැත්කමක් කිරීමට මහනුවර ජාතික රෝහලේ විකාලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.

    පැය තුනක පමණ කාලයක් ගතව තිබෙන මේ සැත්කමට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී ඇත.

    - Advertisement -

    ඉණිමඟක ආධාරයෙන් කොස් ගෙඩියක් කැඩීමට ගොස් ඉන් ඇද වැටී සුෂුම්නාවට බරපතළ හානි සිදුවී කෑගල්ල රෝහලට ඇතුළත් කළ සරත් වීරසූරිය නමැති හැට හැවිරිදි පුද්ගලයකු මේ සැත්කමට ලක්ව තිබේ. අදාළ පුද්ගලයා මහනුවර ජාතික රෝහලට මාරු කර එවන විට ඔහුගේ පාද අප්‍රාණික තත්ත්වයට පත් වෙමින් තිබූ බවත් මේ නිසා සැත්කමක් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වූ බවත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා කීය.

    මේ දිනවල කොවිඩ් අවදානම තිබෙන බැවින් සැත්කමකට භාජනය කිරීමට ප්‍රථම සෑම රෝගියකුම ප්‍රථමයෙන් ඇන්ටිජන් පරීක්ෂණයකටත් එහි ප්‍රතිඵල අනුව කොවිඩ් ආසාදිත බව තහවුරු වුව හොත් පීසීආර් පරීක්ෂණයකට භාජනය කරන බවත් කී උඩගෙදර මහතා අදාළ රෝගියාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව පරීක්ෂණ දෙකෙන්ම තහවුරු වූ බවද ප්‍රකාශ කළේය. සාමාන්‍ය තත්ත්වයේ පසු වන රෝගියකුටසුෂුම්නාවේ සැත්කමක් කිරීම එතරම් විශේෂ කාරණයක් නොවන නමුත් මේ රෝගියාට කොවිඩ් ආසාදනය වී තිබීමත් සමඟ ඔහුගේ ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය 80% ක් පමණ දක්වා පහත බැස තිබියදී නිර්වින්දනය කර සැත්කම කිරීම අති විශේෂ කාරණයක් බව ඒ මහතා කීය.

    අසේල කුරුළුවංශ

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.