24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ගෙවුණු පැය 24ට කොවිඩ් මරණ 67ක්

    - Advertisement -

    දිනකදී තහවුරු කළ වැඩිම ගණන

    182,238ක් පූර්ණ සුවය ලබති

    - Advertisement -

    දිනක් තුළදී තහවුරු කළ වැඩිම කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 67ක් ලෙස පසුගිය පැය 24 තුළදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කාන්තාවන් 24ක් ද, පිරිමින් 43ක් ද මේ මරණ අතරට එක් වන අතර, දින 8ක පිරිමි දරුවකු ද මේ මරණ අතරට එක්ව ඇත.

    ඒ අනුව කොවිඩ් හේතුවෙන් මෙරට වූ ලාබාලතම පුද්ගල මරණය මෙයයි.

    කොවිඩ් හේතුවෙන් මරණයට පත්ව ඇති දින 8ක පිරිමි දරුවා පුස්සැල්ලාව ප්‍රදේශයේ දරුවකු වන අතර, ඔහු ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත.

    - Advertisement -

    මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24 තුළදී ආසාදිතයන් 2,716ක් වාර්තා වීමත් සමඟ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 213,396ක් දක්වා ඉහළ ගොස් ඇත.

    සමස්ත ආසාදිතයන්ගෙන් 180,427ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, ආසාදිතයෝ 31,059ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.

    සන්ධ්‍යා කරුණාරත්න

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.