24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ජොකොවිච් නඩාල් ගැටෙති

    - Advertisement -

    ප්‍රංස විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල අවසන් පූර්ව වටයේ තරග 2ක අද (11) පැවැත්වෙයි.

    මේ අතුරින් වඩාත්ම තීරණාත්මක මෙන්ම වැඩිම අවධානයක් දිනාගත් තරගය වන්නේ සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් එක් වන තරගයයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන ජොකොවිච් සහ අංක 3 ක්‍රීඩක නඩාල් ටෙනිස් පිටියේදී එකිනෙකා හමුවන 58 වැනි අවස්ථාව මෙයයි.

    - Advertisement -

    මේ තරගය මහා සටනක් වනු ඇතැයි ජොකොවිච් පවසා තිබේ.

    “මම බොහෝ විට රෆා මගේ වෘත්තීය ජීවිතයේ විශාලතම ප්‍රතිවාදියා ලෙස තෝරා ගන්නෙමි. ඔහුට එරෙහි ඕනෑම තරගයක්, ඕනෑම අවස්ථාවක් වෙනත් අවස්ථාවන්ට වඩා වෙනස්. එය හොඳින් ක්‍රීඩා කරන සහ ප්‍රබල ක්‍රීඩකයකුට එරෙහිව කරන මහා සටනක්.” අංක එකේ ක්‍රීඩක ජොකොවිච් පවසයි.

    ග්‍රෑන්ඩ් ස්ලෑම් 18ක් දිනා ඇති ජොකොවිච් මේ යන්නේ 19 වැනි ශූරතාව පසුපසය.

    - Advertisement -

    අර්ධ අවසන් පූර්ව වටයේදී ජොකොවිච් විසින් අංක 9 ක්‍රීඩක ඉතාලියේ මැටියෝ බෙරෙට්ටිනි වට 3-1කින් පරාජය කළේය. එහිදී ලකුණු 6-3, 6-2ක් 7-5ක් ලෙස ජොකොවිච් ජය ගත්අතර, තෙවැනි වටය පමණක් ජය ගැනීමට බෙරෙට්ටිනි සමත් වූයේ 7-6ක් ලෙසිනි.

    2016 වසරේ ප්‍රංස ශූරයා වූ ජොකොවිච් මේ ශූරතාවලිය් අවසන් පූර්ව වටයට පිවිසි 11 වැනි අවස්ථාව මෙයයි.

    13 වරක් ප්‍රංස ශූරයා වී ඇති නඩාල් අවසන් පූර්ව වටයට පිවිසියේ ආර්ජන්ටිනාවේ ඩියාගෝ ස්වාට්ස්මාන් වට 3-1කින් පරාජය කරමිනි. මෙය ඔහු එම වටයට පිවිසි 14 වැනි අවස්ථාව වන අතර, ඔහු පසුගිය වසරේ ද ප්‍රංස ශූරතාව දිනා ගත්තේය. එහි අවසන් තරගයේදී නඩාල් හමුවේ ජොකොවිච් පරාජයට පත් විය.

    - Advertisement -

    අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු වට 6-3කින් ජයගත් නඩාල් දෙවැනි වටයේදී 4-6ක් ලෙස පරාජය වුවද අනෙක් වට දෙක 6-4ක් සහ 6-0ක් ලෙස ජය ගනිමින් අවසන් පූර්ව වටයට එක් විය. නඩාල් සතුව ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණන 20කි.

    ප්‍රංස ශූරතාවලියේදී ජයග්‍රහණ 105ක් සහ පරාජයන් 2ක් හිමි කර ගෙන සිටින නඩාල් පැවසුවේ තවත් වාරයක් අවසන් පූර්ව වටයට පිවිසීම සැමවිටම ඇදහිය නොහැකි දෙයක් බවයි.

    මේ අතර, අනෙක් අවසන් පූර්ව තරගය ජර්මනියේ අලෙක්සැන්ඩර් සවෙරෙව් සහ ග්‍රීක ක්‍රීඩක ස්ටෙෆනොස් සිට්සිපාස් අතර පැවැත්වේ.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.