24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    දකුණු කොරියාවේ ගොඩනැඟිල්ලක් බස් රථයක් මතට කඩාවැටෙයි

    - Advertisement -

    දකුණු කොරියාවේ ඊයේ උදෑසන මහල් පහක ගොඩනැගිල්ලක් බස් රථයකට කඩා වැටීමෙන් පුද්ගලයන් 9 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. දකුණේ පිහිටි නගරයක් වන ග්වාංජු ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් අට දෙනකු තුවාල ලබා තිබේ. මෙම බස් රථය පුද්ලයන් 17 දෙනෙකු රැගෙන ගමන් කරමින් තිබූ අතර, ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවීමෙන් මේ අනතුර සිදු වී ඇත. ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව තවමත් පැහැදිලි නොවන අතර, සිර වී සිටින දිවි ගලවා ගත් අය සෙවීමේ උත්සාහයන් ඊයේ දහවලේදිත් ක්‍රියාත්මක වෙමින් තිබිණි.

    ගොඩනැඟිල්ල කඩා වැටීමට පෙර එම ස්ථානයේ සිටි සියලුම සේවකයන් ඉවත් කර ඇති බව ගිනි නිවීමේ නිලධාරි කිම් සියොක්-සන් රූපවාහිනී සාකච්ඡාවකදී පැවසීය. ඇතැම් කම්කරුවන් ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එම ස්ථානය අසල පදික මාර්ගයක් වසා දමා ඇතැයි ද වාර්තා වේ. පැවසූහ. සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති වීඩියෝ පටවලින් පෙනී ගියේ ගොඩනැගිල්ල බස් රථය මත එකවරම කඩා වැටී ඇති බවය.

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.