24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    බ්‍රිතාන්‍යයේ ඇල්ෆා ප්‍රභේදය ආසාදිතවූවෝ ප්‍රදේශ රැසකින් හමු වෙති

    - Advertisement -
    කොවිඩ් ව්‍යාප්තියේ  නවතම අධ්‍යයන වාර්තාව සෞඛ්‍ය අධ්‍යක්ෂට
    ඉන්දියාවේ ඩෙල්ටා ආසාදිතයෙක් නිරෝධායන මධ්‍යස්ථානයක
    ඇල්ෆා – ඩෙල්ටා ප්‍රභේදවලට මෙරට එන්නත් තුනම සාර්ථකයි

    ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය හෙවත් බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කර ගෙන පැතිරුණු B.1.1.7 වයිරසය ආසාදිතයන් රට පුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (10) පැවසුවේය.

    කොළඹ, රාගම, කරාපිටිය, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, මඩකලපුව, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය ප්‍රදේශවලින් මේ වයිරසය ආසාදිතයන් හමු වූ බවත් සාම්පල 80ක් පමණ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මේ ආසාදිතයන් හඳුනා ගත් බවත් ඒ මහතා කීය.

    - Advertisement -

    ඉන්දීය කොවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා හෙවත් B.1.617.2 වයිරසය ආසාදිතයකු වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වූ බවත් අදාළ ආසාදිතයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයකු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා කොවිඩ් වයිරස ප්‍රභේදය වන B.1.411 වයිරසය තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් වාර්තා වූයේ යැයිද ඔහු පැවසුවේය.

    ඇල්ෆා, ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයන්ට මෙරටින් දෙන කොවිඩ් මර්දන එන්නත් වර්ග තුනම සාර්ථක ප්‍රතිචාරයක් දක්වන බවත් මේ එන්නත් ගැනීමෙන් වයිරසය ආසාදිත වුවත් මරණීය අවස්ථාවට හෝ සංකූලතා ඇති නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    - Advertisement -

    කොවිඩ් මර්දනය සඳහා දෙන එන්නත් මාත්‍රා දෙකම ගැනීමට ජනතාවට කටයුතු කළ යුතු යැයිද, එමඟින් වයිරසයට කිසියම් ඔරොත්තු දෙන ප්‍රතිශක්තියක් සිරුර තුළ ඇති වන්නේ යැයිද ඔහු පැවසුවේය.

    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල ව්‍යාප්ත වන කොවිඩ් වයිරසය ශ්‍රී ලංකිකයකු මඟින් එරටට ගිය වයිරසයක් යන මතය නිවැරදි නොවන බවත් ශ්‍රී ලංකාව හරහා එරටට ගිය පුද්ගලයකුගෙන් මේ පොකුර නිර්මාණය වී ඇති බවත් ඒ මහතා පැවසීය.

    මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් කළ නවතම අධ්‍යයන වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඊයේ (10) භාර දුන් බවද හෙතෙම පැවසීය.

    - Advertisement -

    සන්ධ්‍යා කරුණාරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.