24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ‘මුව වැස්ම කෝ?’ ඇසූ පීඑච්අයිට පහර දුන් සැකකරුට

    - Advertisement -

    මුව ආවරණයක් නැමැතිව යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුගෙන් මුව ආවරණය සම්බන්ධයෙන් විමසීමක් කළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකුට වව්නියාව සාන්තසෝලි ප්‍රදේශයේදී එම පුද්ගලයා පහර දී තිබේ.

    එසේ පහර දුන් පුද්ගලයා වව්නියාව මහරම්බකුලම් පොලිසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

    - Advertisement -

    මුහුණු ආවරණයක් නැමැතිව යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයකු නතර කර ඒ ගැන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් විමසා ඇති අතර, එයට ප්‍රතිචාර වශයෙන් යතුරු පැදියෙන් ගමන් ගත් පුද්ගලයා සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දී තිබේ.

    මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වව්නියාව පොලිසියට පැමිණිලි කර ඇත. අනතුරුව පොලිසිය විසින් කළ විමර්ශනයේදී සැකකරු හඳුනාගෙන ඇති අතර, සැකකරු ප්‍රදේශයේ නැමැති හෙයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි අයකු බව පොලිසිය හඳුනාගෙන ඇත.

    පසුගිය දෙසැම්බර් මස 2දා අටලුගම ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ මුහුණට කෙළ ගැසීමක් කළ අතර, ඔහුට පොලිසිය නඩු පැවරීමෙන් අනතුරුව එම අධිකරණය විසින් වසර 6ක සිර දඬුවමක් නියම කරනු ලැබිණි.

    - Advertisement -

    රසුල දිල්හාර ගමගේ රක්ෂණ ශ්‍රියන්ත සහ උතුරු පළාත් විශේෂ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.