24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    රට නැංවිය හැකි මඟ මෙන්න

    - Advertisement -

    18 වන සියවස අග භාගයේ ලොව කාර්මික විප්ලවය සිදු විය. යුරෝපය කේන්ද්‍ර කරගෙන ප්‍රභවය ලද කාර්මික විප්ලවයේ ප්‍රතිලාභ අපේ රටට යම්තාක් හෝ ලැබුණේ කාර්මික විප්ලවයෙන් සියවසක් පමණ ගෙවුණු පසුවය. යුරෝපය, අමෙරිකාව, ඕස්ට්‍රේලියාව ආදී මහද්වීප කාර්මික විප්ලවයේ ප්‍රතිඵල හොඳින් නෙළා ගත් අතර, ආසියානු කලාපයේ රටවල් කිහිපයක් ද එහි ප්‍රතිලාභ අත්කරගෙන සංවර්ධිත රටවල් බවට පත් විය. නමුත් තුන්වන ලෝකයේ රටවල් බොහෝමයක්ම කාර්මික විප්ලවයේ ප්‍රතිලාභ නිසියාකාරයෙන් අත්කර නොගත්හ. ශ්‍රී ලංකාව ද තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර, කාර්මික කේෂ්ත්‍රයේ පවතින ඌණ දියුණුව ඊට හේතු වී ඇත.

    පසුගිය සියවස දෙස හැරී බලන විට අපේ රටේ කාර්මික කේෂ්ත්‍රයේ සීඝ්‍ර දියුණුවක් පෙන්නුම් කළ කාල වකවානුවක් ලෙස 1972 – 1977 ත් අතර කාල පරාසය වඩාත් ඉස්මතුව පෙනෙයි. 1972 වසරේ අපේ රට ජන රජයක් වීමෙන් අනතුරුව රාජ්‍ය පාලනය බාර ගත් අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යටතේ ලක්දිව කාර්මික අංශයේ සීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගත්තේය. ස්වදේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැංවීමට එකල උත්සුක වූවත් 1977 බලයට පැමිණි පාලන තන්ත්‍රය එය මුලිනුපුටා දමා විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දෙන ලදී. එදා පටන් අද දක්වා අප සංවර්ධනයේ සිහිනය සැබෑ කර ගන්නට වෑයම් දරන්නෙමු.

    - Advertisement -

    කාර්මික සංවර්ධනය තුළින් සුවිශේෂී ප්‍රතිලාභ අත්කර ගත් රටවල් බොහෝමයක් බටහිර රටවල්ය. 18 වන සියවසෙන් ආරම්භ වුණු කාර්මික සංවර්ධනයේ උච්චතම අවදිය වූයේ 19 සහ 20 වන සියවසයි. නමුත් විවිධ කර්මාන්තවල සංවර්ධනයක් සිදු වෙමින් කාර්මික විප්ලවයක් ඇති වීමට පෙර ලොව ප්‍රධානම කර්මාන්තය බවට පත් වී තිබුණේ කෘෂිකර්මාන්තයයි. පුරාතන ලක්දිව පවා ස්වයංපෝෂිත ආර්ථික රටාවක් පැවති අතර එහි ප්‍රධානම පදනම වී තිබුණේ කෘෂිකර් මාන්තයි. මීට වසර 900කට පමණ පෙර පොළොන්නරු රාජධානි යුගයේදී පළමුවන පැරකුම්බා රාජ්‍ය පාලන සමයේදී මෙරට සහල් අතිරික්තය විදේශයන්ට පවා යැවූ බව අතීත වංශකතාවල සඳහන් වී තිබේ. එකල අපේ රටේ කෘෂිකර්මාන්තය ඒ තරම්ම සුවිශේෂී ස්ථානයක පැවතුණි. නමුත් අද වන විට අපේ රටේ බොහෝ පිරිස් තරගකාරී රැකියා වෙළඳපොළට පිවිසීමට වඩාත් උනන්දු වන නිසා කෘෂිකර්මාන්තය ඇතුළු කර්මාන්ත කේෂ්ත්‍රය දිනෙන් දින පරිහානියට පත් වෙමින් තිබේ. කාර්මික විප්ලවයත් සමග නවීන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කර ලොව බොහෝ රටවල් කෘෂිකර් මාන්තයේ සීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගත්තත් අපේ රට දිනෙන් දින කාර්මික මෙන්ම කෘෂිකාර්මික සංවර්ධනයේ ද පරිහානිය කරා ක්‍රමයෙන් ගමන් කරන්නේය.

    පාරම්පරික කෘෂිකර්මාන්තයේ බිඳ වැටීම

    නූතන අධ්‍යාපනික රටාවේ අඩුපාඩු මෙන්ම රැකියා අවශ්‍යතා නිවැරදිව හඳුනා නොගැනීම රටේ කර්මාන්ත කේෂ්ත්‍රය සංවර්ධනය නොවීමට එක් ප්‍රධාන හේතුවක් ඇත. අනාගතයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක් වීම, තරගකාරී අධ්‍යාපන ක්‍රමයක් සමඟ ජීවත් වන දරුදැරියන්ගෙන් බො‍හෝමයකගේ අනාගත සිහිනය ‍වෙයි. මාපිය, වැඩිහිටියන් පවා දරුවන්ව වඩාත් උනන්දු කරවන්නේ ඒ සිහිනය යථාර්ථ යක් කර ගැනීමටය. නමුත් සෑම දරුවෙක්ම වෛද්‍යවරු, ඉංජිනේරුවරු වන්නේ නැත. එසේ නොවන දරුවන් ඉන්පසුව උත්සාහ කරන්නේ කෙසේ හෝ රජයේ ලිපිකරු හෝ කම්කරු පත් වීමක් ලබා ගැනීමටය. එසේද නොලැබෙන බොහෝ පිරිසක් තම අධ්‍යාපනයට සරිලන ආකාරයට පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරත වෙයි. වර්තමානයේ මෙය සුලබ තත්ත්වයකි. එම නිසාම පාරම්පරික ගොවියන්ගේ දරුවන් පවා රුපියල් පහළොස්දාහක පමණ සුළු වැටුපක් වෙනුවෙන් කම්කරු, ලිපිකරු ආදී කාර්යාල ‍සේවාවල නිරත වෙයි. තමා ගොවියෙක් යැයි කියන්නට ඔවුහු මැලි වෙති. එම නිසා වගා කරන්නට පිරිස් නොමැතිව පාරම්පරික වගාබිම් මුඩුබිම් වී යයි. ඇතැම් වගාබිම් නොයෙකුත් ව්‍යාපාර කටයුතු සඳහා වෙන්දේසි වෙයි. අද වන විට රටේ බොහෝ පෙදෙස්වල පුරන් කුඹුරු බිහි වී ඇත්තේ මේ නිසාය. නුදුරු අනාගතයේ මේ තත්ත්වය තවත් උග්‍ර වීම නොවැළැක්විය හැකිය. ශ්‍රී ලංකාව කෘෂිකර් මාන්තයට සුදුසු පරිසරයක් ඇති බිමකි. නමුත් තරුණ පරපුර ක්‍රමයෙන් කෘෂිකර්මාන්තයෙන් ඈත් වීම සිදු වේ. ඉදින් මෙම තත්ත්වය වහාම වෙනස් කළ යුතුව ඇත.

    - Advertisement -

    කෘෂි කර්මාන්තය, වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය ඇතුළු කර්මාන්ත අංශයේ රැකියා සඳහා ලෝකය තුළ ඉහළ ඉල්ලුමක් වෙයි. ලෝකයේ බොහෝ රටවල සිසුන්ට කර්මාන්ත පිළිබඳව වඩාත් උසස් දැනුමක් ලබා දීම සඳහා උසස් අධ්‍යාපනික ආයතන පවතී. ලංකාවේද කාර්මික විද්‍යාල සහ ඇතැම් උසස් වෘත්තීය පුහුණු ආයතන තුළ එම කර් මාන්ත සඳහා පාඨමාලා පැවැත්වෙයි. නමුත් එසේ තිබියදීත් බොහෝදෙනා යොමු වන්නේ උසස් යැයි සම්මත කාර්යාලයක් තුළ සේවය කළ හැකි රැකියා අවස්ථා සහිත පාඨමාලාවලටය. ඉහළ වැටුප් සහිත රැකියා මෙන්ම ස්වයං රැකියා ව්‍යාපාර සඳහා අවස්ථා ඇති කාර් මික අංශය සදහා යොමුවන පිරිස අතළොස්සකි. රටක් සංවර්ධනය වීමේදී එම කර්මාන්ත සහ තාක්ෂණ ක්‍රේෂ්ත්‍රයේ ඇති වටිනාකම තවමත් අප නිසි අයුරින් හඳුනා ගෙන නොමැත. කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත කේෂ්ත්‍රය සංවර්ධනය නොවීඹට එයද හේතුවක් වී ඇත.

    කෘෂි කර්මාන්තයෙ සහ කර්මාන්ත අංශයේ පසුබෑමට රාජ්‍ය අංශය වගකිවයුතු යැයි පුරවැසියන්ගේ පැවසීම සුලභ චෝදනාවකි. සමාජ මාධ්‍ය, විවිධ උද්ඝෝෂණ ආදිය තුළින් පුරවැසියෝ ඒ පිළිබඳව නිරන්තර චෝදනා සිදු කරති. නමුත් පසුගාමී සංවර්ධනය සඳහා පුරවැසියන්ටද විශාල වගකීමක් ඇත. පුරවැසියන්ගේ සිතුවිලි නවීන ලෝකයට ගැළපෙන ලෙස සකස් වීම නිරන්තර‍ෙන් සිදු විය යුත්තකි. නවීන ලෝකය තුළ කෘෂි කර්මාන්තය සහ කාර්මික කේෂ්ත්‍රයට ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. වඩු කර්මාන්තය, ‍පෙදරේරු කර්මාන්තය, මෝටර් රථ, රථ වාහන අලුත් වැඩියාව ආදී කර්මාන්ත පමණක් නොව කොණ්ඩා කැපීම, ජලනල එළීම ආදී අංශවලට ලෝකය තුළ උසස් පිළිගැනීමක් පවතී. කෘෂිකර් මාන්තයට ද ලොව තුළ ඇත්තේ ඉහළ පිළිගැනීමකි. එවන් ලෝකයක් තුළ අප රටෙහි එවන් විෂයන්වල නියැළීමට බොහෝදෙනෙක් තුළ පවතින්නේ හීනමානයකි. නවීන ලෝකය පිළිබඳ නිවැරදිව හඳුනාගෙන නොතිබීම ඊට හේතුවයි. එබැවින් ළිං මැඩි මානසිකත්ව‍යෙන් මිදී නිවැරැදි දැක්මක් සහිතව නවීන ලෝකය වෙත ගමන් කළ යුතුය. යල් පැන ගිය සාම්ප්‍රදායික හීනමානයෙන් මිදිය යුතුය. එය සංවර්ධනයේ මාවත හෙළි කර ගැනීමට ඉතාම වැදගත් වෙයි. පුරවැසියන් ඒ වෙනුවෙන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ට ඒ සඳහා සුදුසු පහසුකම් සහිත පරිසරයක් ගොඩනැඟීම බලධාරින්ගේ ද වගකීමකි.

     

    - Advertisement -

     ආර්. මහීෂ්වර

     

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.