24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    වෛද්‍යවරුන්ගේ සේවා දීමනාවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද වැඩ වර්ජනයක

    - Advertisement -

    සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් විවිධ පිළිවෙත් අනුගමනය කරමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයට පමණක් අමතර සේවා දීමනාව නිර්දේශ කිරීමට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (11) උදෑසන 8 සිට 12 දක්වා රට පුරා රෝහල්වල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේය.

    වෛද්‍ය සේවාව සඳහා මසකට රුපියල් 41,220 සිට 78,120 දක්වා වූ සියයට 78ක අමතර දීමනා වැඩි කිරීමට සාපේක්ෂව වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සාධාරණ දීමනාවක් දීම, කොරෝනා මර්දනය කිරීමට බාධාවක් වී ඇති සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා නිශ්චිත තීරණයක් නොගැනීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දීමනා කප්පාදු කිරීම හා දීමනා විෂමතාවන් ඉවත් කිරීම, කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් දීම යන කාරණා මුල් කර ගනිමින් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවත්වන බවද ඒ මහතා කීය.

    - Advertisement -

    සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ පෙරේදා (9) පැවැත්වූ සාකච්ඡාවලින් නිසි ප්‍රතිඵල නොලැබීම හේතු කර ගනිමින් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාවට නංවන්නේ යැයිද හෙතෙම පැවසීය. මානුෂීය හේතූන් සලකා බලා කොවිඩ් ආසාදිතයන් සඳහා කරන හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවලින් බැහැර නොවී මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාවට නංවන්නේ යැයිද හෙතෙම පැවසීය.

    සන්ධ්‍යා කරුණාරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.