24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ඇන්ඩි මරේ ඔලිම්පික් කේවල තරග අත්හරී

    - Advertisement -

    ඔලිම්පික් ටෙනිස් පිරිමි කේවල ඉසව්වේ වත්මන් ශූර බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ ක්‍රීඩක ඇන්ඩි මරේ මෙවර ඔලිම්පික් උලෙළේ කේවල ඉසව්වෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙලෙස කේවල ඉසව්වෙන් ඉවත් වූ ඔහු 2016 රියෝ සහ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළවලදී ටෙනිස් පිරිමි කේවල රන් පදක්කම දිනා ගත් ක්‍රීඩකයායි.

    කෙසේ වෙතත් 34 හැවිරිදි මරේ පිරිමි යුගල තරග සඳහා එක් වන අතර, ජෝ සාලිස්බර් සමඟ එක්ව එම තරගාවලියේ පළමු වටය ජය ගත් ඔහු දෙවැනි වටයේදී කැනඩාවේ ෆීලිකිස් ඔගර් සහ අලියාසයිම්ට එරෙහිව තරග වැදීමට නියමිතව තිබිණි.

    - Advertisement -

    “කේවල ඉසව්වෙන් ඉවත් වීමට සිදු වීම ගැන මම ඇත්තෙන්ම කලකිරී සිටින්නේ. ඒත් මේ අවස්ථා දෙකටම ක්‍රීඩා නොකරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලය උපදෙස් දුන්නා. ඒ නිසා මම කේවල ඉසව්වෙන් ඉවත් වී ජෝ සමඟ යුගල තරගවලට ක්‍රීඩා කිරීමට තීරණය කළා” මරේ පවසයි.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.